කැනේඩියානු භූමියේ සීක් බෙදුම්වාදීන්ට එරෙහිව මර්දන ව්‍යාපාරයක් ගෙනයන බවට කැනඩාව ඉන්දියාවේ අමිත් ෂාට චෝදනා කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනේඩියානු භූමියේ සීක් බෙදුම්වාදීන්ට එරෙහිව මනුෂ්‍ය ඝාතන, මරණ තර්ජන සහ බිය ගැන්වීමේ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ලෙස ඉන්දියාවේ දෙවන ඉහළම නායකයා සහ අගමැති නරේන්ද්‍ර මෝදිගේ සමීප සගයෙකු ලෙස සැලකෙන ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සිටින බවට කැනඩාව චෝදනා කර තිබේ.

අම්රිත් ෂා ඉන්දීය දේශපාලනය තුළ අතිශය බලගතු චරිතයක් වශයෙන් සැලකෙන අතර ඔහු ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදිගේ ජයග්‍රහණ පිටුපස සිටින උපායමාර්ගික දැවැන්තයා මෙන්ම මොදිගේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) අසාමාන්‍ය නැඟීමේ මහ මොළකරු වශයෙන් හඳුන්වයි. ඔහු මෝදි මහතාගේ සමීපතම විශ්වාසවන්තයා ලෙස සැලකෙන අමිත් ෂා මොදිගේ පැරණි මිතුරකු වන අතර බොහෝ විට ඉන්දියාවේ දේශපාලනයේ තිරය පිටුපස සිටින දෙවන බලවත්ම පුද්ගලයා ලෙස හැඳින්වේ. හින්දු ඇදහිල්ලේ ශ්‍රේෂ්ඨ ආරක්ෂකයා ලෙස සැලකෙන අමිත් ෂා මීළඟ අගමැති අපේක්ෂකයා ෂා වනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කෙරෙන්නේ,

ෂාට එරෙහිව මෙලෙස කරන චෝදනාව ඔටාවා සහ නවදිල්ලිය අතර මෑත කාලීන රාජ්‍යතාන්ත්‍රික ගැටුමක් දීර්ඝ කිරීමට ඉඩ ඇති පියවරක් ලෙස සැලකෙන අතර ඉන්දියාව මේ සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.

පසුගිය දා අගමැති ජස්ටින් ටෘඩෝ විසින් 2023 ජුනි මාසයේදී බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ දී කැනේඩියානු සීක් ක්‍රියාකාරික හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට ඉන්දීය රජයේ ඒජන්තයින් සම්බන්ධ බවට පිළිගත හැකි සාක්ෂි කැනඩාව සතුව ඇතැයි නිවේදනය කිරීමත් සමඟ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇති වූ අතර දෙරටම රාජ්‍ය තාන්ත්‍රිකයන් නෙරපා හරින ලදී.

ඉන්දීය ආණ්ඩුව සීක් බෙදුම්වාදීන් “ත්‍රස්තවාදීන්” ලෙස හඳුන්වන අතර ඔවුන් ඛලිස්තාන් නමින් හැඳින්වෙන ස්වාධීන නිජබිමක් ඉන්දියාවේ නිර්මාණය කරන බවට ප්‍රකාශ කරයි. 1980 සහ 1990 ගණන්වල ඛලිස්ථානයක් නිර්මාණය කිරීමට සික්වරු විසින් ආරම්භ කළ සන්නද්ධ කැරැල්ලක් දස දහස් ගණනක් මියගිය අතර එතැන් සිට මෙම ව්‍යාපාරය ඉන්දියාවේ තහනම් ව්‍යාපාරයක් බවට පත් කෙරින.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...