රනිත්මාට ඉන්දුනීසියානු ප්‍රහාරයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 30, (LNW) කොළඹ:WONDR by BNI Indonesia Masters II 2024 ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා ජාතික සූරිය වන රනිත්මා ලියනගේ ඉන්දුනීසියානු ක්‍රීඩිකා ඩෙස්වන්ටි හුජන්සි අතින් වට 2-0 ක පරාජයක් ලැබුවා.

ලකුණු 21 -18 සහ 21 – 19 ක් ලෙස 20 හැවිරිදි ඉන්දුනීසියානු ක්‍රීඩිකාව 17 හැවිරිදි රනිත්මාව පරාජයට පත් කළා.
ඩෙස්වන්ටි, මේ වසරේ පැවති Austrian Open 2024 තරගාවලියේ මෙන්ම 2023 වසරේ පැවති RSL Lithuanian International 2023 තරගාවලියේ ද සූරතාවය දිනා ගන්නට සමත් වී තිබෙනවා.

මේ අතර මෙම තරගාවලිය නියෝජනය කරන පළමු වටය ජය ගෙන සිටි ශ්‍රී ලංකාවේ දුමිදු අබේවික්‍රම දෙවන වටයේ තරගයකදී ඉන්දියානු ක්‍රීඩක කිරන් කුමාර් මේකල ඉදිරියේ වට 2-1 ක පරාජයක් ලැබුවා.එම තරගයේ ලකුණු තත්ත්වය දැක් වුණේ ලකුණු 12-21,21-16 සහ 21 -10 ක් ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...