රනිත්මාට ඉන්දුනීසියානු ප්‍රහාරයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 30, (LNW) කොළඹ:WONDR by BNI Indonesia Masters II 2024 ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා ජාතික සූරිය වන රනිත්මා ලියනගේ ඉන්දුනීසියානු ක්‍රීඩිකා ඩෙස්වන්ටි හුජන්සි අතින් වට 2-0 ක පරාජයක් ලැබුවා.

ලකුණු 21 -18 සහ 21 – 19 ක් ලෙස 20 හැවිරිදි ඉන්දුනීසියානු ක්‍රීඩිකාව 17 හැවිරිදි රනිත්මාව පරාජයට පත් කළා.
ඩෙස්වන්ටි, මේ වසරේ පැවති Austrian Open 2024 තරගාවලියේ මෙන්ම 2023 වසරේ පැවති RSL Lithuanian International 2023 තරගාවලියේ ද සූරතාවය දිනා ගන්නට සමත් වී තිබෙනවා.

මේ අතර මෙම තරගාවලිය නියෝජනය කරන පළමු වටය ජය ගෙන සිටි ශ්‍රී ලංකාවේ දුමිදු අබේවික්‍රම දෙවන වටයේ තරගයකදී ඉන්දියානු ක්‍රීඩක කිරන් කුමාර් මේකල ඉදිරියේ වට 2-1 ක පරාජයක් ලැබුවා.එම තරගයේ ලකුණු තත්ත්වය දැක් වුණේ ලකුණු 12-21,21-16 සහ 21 -10 ක් ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...