නිශ්මං රණසිංහ ඔක්තෝබර් 30, කොළඹ LNW:
මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලියේ තෙවැනි තැනට පත්වීමට ශ්‍රී ලංකාවට හැකි වුණා.බංගලාදේශයේ ඩකා නුවර පැවති මෙම තරගාවලියේදී තෙවැනි ස්ථානය සඳහා වූ තරගයේදී ශ්‍රී ලංකාව වෙතින් ලකුණු 5-20/25-23/25-20 ලෙස වට 3-0 ක පරාජයක් ලබන්නට බංගලාදේශයට සිඳු වුණා.
මෙම ජයග්‍රහණයේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව මූලික වටයේදි බංගලාදේශය හමු වූ අවස්ථාවේදී වට 3-2 ක් ලෙස ඉංගලාදේශයට පරාජය වී තිබීම නිසයි.ශ්‍රී ලංකාව සාමාන්‍ය ආකාරයට ගත් විට පිරිමි වොලිබෝල් ක්‍රීඩාවේදී බංගලාදේශයට ඉදිරියෙන් සිටින රටක් වුවත් එහිදී ඔවුන් වෙතින් පරාජය ලැබුවා.එසේ පරාජය නොලැබුවානම් ශ්‍රී ලංකාවට මේ තරගයේ සූරතාවය සඳහා තරග කරන කණ්ඩායම බවට පත් වී සූරයන් හෝ අනු සූරයන් ලෙස තරගාවලිය නිමා කිරීමේ අවස්ථාව තිබුණා.

මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකාව වෙතින් වට 3-0 ක් ලෙස පරාජය ලැබුවත් ඇෆ්ගනිස්තානය අනු සුරතාවයට පැමිණීම කණ්ඩායමක් විසින් පළ කළ විශාලම ඉදිරියට පැමිණීම ලෙස සළකන්නට පුළුවන්.බංගලාදේශය වට 3-2 ක් ලෙස ශ්‍රී ලංකාව පළමු වටයේදී පරාජය කළත් ඇෆ්ගනිස්තානය ඉදිරියේ වට 3-1 ක් ලෙස පරාජය ලැබුවා.
තරගාවලියේ සියළු තරග නිමාවන විට අපරාජිතව සිටියේ ටර්කිමෙනිස්තානය පමණයි.ඇෆගනිස්තානය දෙවන තැනටත්,ශ්‍රී ලංකාව තෙවන තැනටත්,සත්කාරක බංගලාදේශය සිව්වන තැනටත් පත් ව සිටියා.ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරන ලද ඇෆ්ගනිස්තාන අතර තරගයේදී බංගලාදේශයට වට දෙකක ජය ලබා දීම නිසා ප්‍රතිවාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව ජය ගත් වට ගණන මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ ලකුණු ප්‍රමාණය ද ඉහළ ගියා.ඒ නිසා ශ්‍රී ලංකාවට තෙවන ස්ථානය සඳහා තරග කරන්නට සිඳු වූ අතර ඇෆ්ගනිස්තානය අවසාන තරගයට හොඳ මානසික සහ කායික සූදානමකින් පිවිස ඉතිහාසය වෙනස් කළ හැකි ආකාරයේ සටනක නියැලෙන්නට සමත් වූ අතර එම තරගය ජය ගැනීමට ටර්කිමනිස්තානයට වට පහම ගත කරන්නට සිඳු වුණා.වට 3-2 ක් ලෙස ජය ටර්කිමෙනිස්තානයට හිමි වූ මේ තරගයේදී ඇෆ්ගනිස්තානය දෙයාකාරයකින් ශ්‍රී ලංකාවට අනතුරු හඟවනු ලැබුවා.ඒ මධ්‍යම අසියානු කළාපය තුළදී පමණක් නොව දකුණු ආසියානු තරගවලදී ද වොලිබෝල් ක්‍රීඩාවේදී තමන්ගෙන් පරිස්සම් වෙන ලෙස ශ්‍රී ලංකාවට කරන අනතුරු හැඟවීමක් එම දක්ෂතාවල කැටිව තිබුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට චන්න ජයසේකරගේ සමුගැනිමෙන් ඉනික්බිති පළමු වරට කාලික වසන්තප්‍රිය යටතේ සහභාගි වූවා.සෑම පුහුණුකරුවෙකුටම පැවරෙන කාර්යය තරග බිම තුළ සිට කරන ව්‍යායාමය සහ තරගයෙන් පිටත සිට දකින ආකාරයෙන් වෙනස් වෙනවා.කාලික ගේ මේ තරගාවලිය තුළ මඟ පෙන්වීම යම් අයෙකුට විවේචනාත්මකව දැකිය හැකි වන්නේ සමහර විට තමන්ට ඇති වන හැඟීම කාලික ඒ මොහොතේ ක්‍රියා කළ ආකාරයට වඩා දුර්වල වන්නට ඉඩ තිබුණු බව විශ්වාසයට ගනිමින් වෙනවා.
අදාල මොහොත ඊට මුහුණ දෙන පුද්ගලයා කළමණාකරනය කර ගන්නා ආකාරය අනුව මිස තරගයක විසඳුම් එතනින් පිටත සිට කරන යෝජනා අනුව සැළකීමට ගැනීම ගැන නැවත නැවත සිතන්නට වෙනු ඇත්තේ මෙම කේෂ්ත්‍රය තුළ සිඳුවන විවේචන අතිශයින් පෞද්ගලික කාරණා මත පදනම් මතව ද්වේශය සහ වෛරය පතුරවන ඒවා වන නිසයි.එවැනි තත්ත්වයන් ස්වභාව ධර්මයද භාර නොගන්නා තත්ත්වයේ බරපතල විදිහට විවේචතයාගේම මනසට ද අහිතකර ඒවා විය හැකි බැවින් අලුත් පරිපාලනය මේ කල්ලිවාදවල ගොඳුරක් නොවී සියල්ල එක මිටකට රැඟෙන සිතීමේ සම්ප්‍රදායක් හඳුන්වාදීමට ක්‍රීයා කිරීම වටින බව ද මෙහිදී යෝජනා කරන්නේ නව පුහුණුකරුගේ ආරම්භක උත්සාහයට සුඵ පැතුම් ද එක් කරමින්.
තරගාවලියේ තෙවන ස්ථානයට අමතරව හොඳම පන්දු වළක්වන්නා හැටියට මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආයුෂ් පෙරේරා ඇගයීමට පත් වුණා.
