සටහන – පුලී
ඔක්තෝම්බර් 30, කොළඹ (LNW): වනජීවී ඡායාරූපකරණය යනු ඡායාරූපකරණයට පමණක් සීමා නොවී පරිසරය තුළ ස්වභාවික ජීවින්ගේ හැසිරීම්, ජීවන රටාවන් හා වාසස්ථාන සටහන් කිරීමේ කලාවක් සහ විද්‍යාවක් එකට එකතු වූ ක්ෂේත්‍රයකි. මෙය සම්මානනීය හා අභියෝගාත්මක ක්ෂේත්‍රයකි, මන්ද ඡායාරූප ශිල්පියෙකුට ඉවසීම සහ ස්වභාවධර්මය පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය බැවිනි.
වනජීවී ඡායාරූප ශිල්පී බ්‍රෙට් සාල්වාච්ටර් විසින් ටැන්සානියාවේ සෙරෙන්ගෙටි ජාතික වනෝද්‍යානයේ වියළි සමයේදී විවිධාකාරයේ වාද විවාද තම කාචයට ග්‍රහණය කර ගැනීමට සමත් විය.
ඔහු විටෙක, කුසගින්නෙන් පෙළෙන පැටවුන් කිරි ඉල්ලා කෑගසමින් සිටින අයුරු මෙන්ම, ආහාර සහ ජලය අඩුවීම හේතුවෙන් ඔවුන්ගේ මව්වරුන් වෙහෙසට පත්ව සිටින සැටි දැක ගත්තේය. එය ග්‍රහණය කරගත්තා පමණක් නොව ඔහු ඒ පිළිබඳ විග්‍රහයක් ද සිදු කළේ, ඡායාරූපකරණයට එහා ගිය සිතුම් පැතුම් සමුදායකිනි.
මේ අතර ඔහුගේ I Just Can’t Wait to Be King ලෙස නම් කර ඇති රූපය, මෙම වසරේ Nikon Comedy Wildlife Awards හි අවසාන වටයේ ස්ථානයක් ද ලබා ගැනීමට සමත් විය.
මෙම වාර්ෂික තරඟය වනජීවී ඡායාරූපකරණය පමණක් නොව මුවඟට සිනහවක් එක් කිරීමට ද සමත් වෙයි.
ඉඳින් එවැනි ඡායාරූප කිහිපයක් දැන් අපි බලමු!

Lions appear to crack up laughing in Tanzania’s Serengeti National Park © Bret Saalwaechter
Now, Which Direction Is My Nest?

The Shoulders of Giants

Smile, You’re Being Photographed

Headlock

High Five

Flamingone

Fonzies Advertising
