පාසල් සිසුවියන් තිදෙනෙකුගේ ජයාරූප AI තාක්ෂණයෙන් නිරුවත් කරලා: වරදට ආධාර අනුබල දුන් බව කියන විදුහල්පතිවරයාට ලැබුණු නියෝගය!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW :

AI තාක්ෂණය යොදා ගනිමින් , නිකවැරටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන වයස අවුරුදු 14 සහ 15 වයස්වල පසුවන ගැහැණු ළමුන් තිදෙනෙකුගේ ඡායාරූප ලබාගෙන එම ජායාරූප නිරුවත් ඡායාරූප බවට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනට ඇප මත මුදාහැර සිටින බාල වයස්කාර පාසල් සිසුවාට සහ එම වරදට ආධාර අනුබල දුන් බව කියන විදුහල්පතිවරයාට එරෙහිව ලබන වසරේ ජනවාරි මස 29 දින චෝදනා ගොනු කරන ලෙස නිකවැරටිය මහේස්ත්‍රත් අධිකරණය නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට නියෝග කර තිබෙන බව වාර්තා වේ.

නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ පාසල් සිසුවෙකු සහ එකී වරද සිදු කිරීමට ආධාර අනුබලදීමේ චෝදනාවට අධිකරණයට ඉදිරිපත් කළ විදුහල්පතිවරයා ශරීර ඇප මත මුදහරින ලෙස නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කර තිබුණා. ඒ අනුව සැකකාර පාසල් සිසුවාට සහ විදුහල්පතිවරයාට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ 10ක් වටිනා ශරීර ඇප එක බැගින් නියම කළ මහේස්ත්‍රාත් අධිකරණය ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවටද නියෝග කරනු ලැබූ බව සඳහන් වේ.

පළමු සැකකාර පාසල් සිසුවා ඔහුගේම සම වයසේ පසුවන පාසල් සිසුවියන් තිදෙනෙකුගේ ස්වභාවික ජායාරූප ලබාගෙන පසුව AI තාක්ෂණය යොදාගෙන එම ජායාරූප නිරුවත් ජායාරූප බවට පත් කර සිය ස්මාර්ට් ජංගම දුරකථනයේ ගබඩා කර තබා ගෙන සිට ඇති බව අධිකරණයේදි සඳහන් කර තිබෙන බව වාර්තා වේ.

පසුව අදාළ නිරුවත් ඡායාරූප සහිත ජංගම දුරකථනය සිය භාරයට ගෙන ඇති දෙවන සැකකාර විදුහල්පතිවරයා අදාළ සිද්ධිය පිළිබදව පොලිසිය දැනුම්වත් නොකර සිද්ධිය සමථයට පත් කළ බව පවසා නිරුවත් ඡායාරූප සහිත සිසුවාට අයත් ස්මාර්ට් ජංගම දුරකථනය මාසයකට අධික කාලයක් ඔහු සන්තකයේ තබාගෙන සිට ඇති බව අධිකරණයේදී අනාවරණ විය. සැකකාර පාසල් සිසුවා සහ විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 286 සහ 361 සහ 346 යන වගන්ති ප්‍රකාරව බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 05ක් CID අත්අඩංගුවට!

ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ , සුරාබදු දෙපාර්තමේන්තුවේ...

පොලිස් තනතුරු කිහිපයක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්...

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන...

Alpha Fire හි නව සභාපතිවරයා ලෙස මේනක අතුකෝරල එක්වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : මේනක අතුකෝරල නව...