කොළඹ LNW: ත්‍රිමා 37 වන සැමරුම අද (30) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පිදූවන්ගේ සිළුමිණ සිසු අරගලයේ පහන තරුව ලෙස සැලකෙන පද්මසිරි ත්‍රිමා විතාන 1985 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයට තේරී පත් වූ අතර රාගම වෛද්‍ය විද්‍යාලය පෞද්ගලිකරණය කිරීමෙන් මුදවා ගැනීමේ ශිෂ්‍ය අරගලයේදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා රාජ්‍ය ත්රස්තවාදීන් විසින් ඔහුව පැහැරගෙන තිබූ අතර ඉන් දින 09කට පසුව වැල්ලවායේදී වද දී මරා දමා තිබූ ඔහුගේ සිරුර හමු වී තිබුණි.
ඔහුත් සමහ ශිෂ්‍ය අරගලයේ පෙරමුණේ සිටි තවත් වෛද්‍ය ශිෂ්‍යයෙක් වුයේ වෙනුර එදිරිසිංහයි. ඔහුද එම ශිෂ්‍ය අරගලයේදී ඝාතනයට ලක්වූ අතර අද පැවති ත්‍රිමාවිතාන 37 වැනි සැමරුම ආරම්භ කළේ එම සිසු විරුවන්ගේ මව්වරුන් දෙදෙනා විසිනි.
මෙම සැමරුම් අවස්ථාව ප්රාසංගිකවද වර්ණවත් කර තිබුණු අතර මුලසුන හොබවන ලද්දේ මහාචාර්ය අර්ජුන අලුවිහාරේ මහතා විසිනි.
රත්න ශ්‍රී විජේසිංහ, නන්දන වීරරත්න,වෛද්‍ය අරුණ ජයසේකර, වෛද්‍ය ලින්ටන් ගුණවර්ධන, මහාචාර්ය ඉන්දික කරුණාතිලක සහ වෛද්‍ය ගිෂාන්ත දසනායක යන මහත්වරුන් විසින් දේශන පවත්වන ලදී.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න






































