රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW :
2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව යලි දෙසැම්බර් මස 05 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළ බව වාර්තා වේ.
මෙම නඩුව අද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ පුරපාඩුව පවතින සෙසු විනිසුරු ධුර සඳහා විනිසුරුවරු මෙතෙක් නම් කර නොමැති බවයි. එම විනිසුරු ධුර සඳහා කඩිනමින් විනිසුරුවරු පත් කරනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළ විනිසුරුවරයා එතෙක් මෙම නඩුව දෙසැම්බර් මස 05 වන දා දක්වා කල් තබන බව නිවේදනය කළ බව පැවසේ.
එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 09 දෙනෙකු නම් කර තිබෙන බව සඳහන් වේ.
2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේල හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙන බව වාර්තා වේ.
