වැලිගම සභාපති ඝාතනයේ 07ක් බන්ධනාගාරයට!

Date:

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 07 දෙනෙකු නොවැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අද (30) මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා නියෝග කළේය.

මෙම ඝාතන සිද්ධියට අදාළව වෙඩික්කරු, යතුරුපැදිකරු ඇතුළු සැකකරුවන් 9 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව සිටින අතර ඒ අතරින් වෙඩික්කරු හා යතුරුපැදිකරු හැර වෙඩික්කරුගේ බිරිඳ, කැකිරාවේදී සැඟව සිටීමට ආධාර අනුබල දුන් අයෙක්, බොරැල්ල සහස්පුර ප්‍රදේශයේදී වෙඩික්කරුට සහාය දුන් පුද්ගලයින් දෙදෙනෙක් වෙඩික්කරුට ඝාතනයට පෙර සහ පසු ප්‍රවාහන පහසුකම් සැපයූ ගාල්ල අගුළුගහ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙක්, ඝාතනයට යොදාගත් යතුරුපැදිය ස්ටාටර් මෝටරය සවිකර අලුත්වැඩියාව කර දුන් වැලිගම වලානේ ගරාජ් හිමිකරු හා එම යතුරුපැදිය ඝාතකයින්ට ගෙනවිත් දුන් පොල්අතුමෝදර තරුණයෙක් මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබුණි.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් ප්‍රශ්නකර සිටියේ, වැලිගම පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හා අනෙකුත් සැකකරුවෝ සම්බන්ධයෙන් කුමන වගන්තිය යටතේ ක්‍රියා කරන්නට බලාපොරොත්තු වන්නේදැයි ද යන්නයි.

ඊට පිළිතුරු ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරියට කරුණු වාර්තා කරන බව ඔවුහු පෙන්වා දුන්හ.

මේ අතර වැලිගම සභාපති ඝාතනයට අදාළව වෙඩික්කරු හා යතුරුපැදිකරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවේ පසුවන අතර ඔවුන් දින 90ක රැදවුම් නියෝග මත රඳවා තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 05ක් CID අත්අඩංගුවට!

ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ , සුරාබදු දෙපාර්තමේන්තුවේ...

පොලිස් තනතුරු කිහිපයක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්...

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන...

Alpha Fire හි නව සභාපතිවරයා ලෙස මේනක අතුකෝරල එක්වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : මේනක අතුකෝරල නව...