ෆැෆ් හරහා පේන පැච්

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ ( LNW ): මේ ඡායාරූපයේ සිටින්නේ 32 හැවිරිදි ෆැෆ් ඩී ක්ලාක්ය.ඔහු මෙවර දකුණු අප්‍රිකාව ලෝක සූරතාවය දිනා ගැනීමේදී කණ්ඩායමේ සිටි ක්‍රීඩකයෙක් වන අතර මීට පෙර 2019 දී ලෝක සූරතාවය දිනා ගනිද්දි ෆැෆ් කණ්ඩායමේ සිටියේය.

මේ ජයග්‍රහණයෙන් පසුව ඔවුන්ගේ විවේකාගාරයේදී එය සමරනු ලැබූ අයුරු මේ ඡායාරූපයේ දැක්වෙන්නේය.ඔහු සිය ජාතික කොඩියේ වර්ණ සිය සිරුරට අන්දවා ගෙන සිටින්නේ ගෞරවයට යනුවෙන් කෙනෙක්ට සිතන්නට හැකිය.තව අයෙක්ට රටට අගෙූරව කරන අයෙක් බව සිතන්නට ද හැකිය.සමාජයේ යම් මතයක් බලාත්මක කර ඔහුගේ හෝ ඇයගේ හැසිරීම ඒ බලය ඇතුළේ වැරදි විදිහට නිරූපනය කරන්නට ඇති හැකියාව අනුව අපට මේවා තීරණය කරන්නට සිඳුවන්නේය.

සමාජය ගොදුරු වී සිටින එක්තරා මානසික ව්‍යාධියකට අනුව නාවික සුක්කානම් මුද්‍රිත රෙදි ඇදපු මිනිස්සුන්ව, බෞද්ධ නොවන මිනිසුන් ධර්මචක්‍රය ඇඳුම්වල මුද්‍රණය කර ඇතැයි යන චෝදනාව කරමින්
අත් අඩංගුවට ගත් ධර්ම චක්‍රයම අතේ ගසා ගෙන සිටින පොලිසියක් අපට ඇත.ඒ නිල ඇඳුම් පොලිසියට වඩා ආගමික පොලිසිය නිදහස් චින්තනය කූඩු කරන්නට උත්සාහ දරන අයුරු අපි දුටුවෙමු. මෙහි සිටින ෆැෆ් සිය රටේ වර්ණ සහිත කොඩිය යටට ඇඳගෙන ඔහු ද දායක වී රට ලෝකයෙන්ම අංක එකට ගෙන ඒමට කටයුතු කළ උද්දාමය විඳින ආකාරය අනුවම විදෙස් කාන්තාවක් බුුදු හිමියන් කෙරෙහි වූ ගෞරවයෙන් ඇඟේ සිරුරේ ටැටූ එකක් කොටාගෙන ලංකාවට ආ අවස්ථාවේ ඇයව පිටමං කළ අයුරුදු අපි දුටුවෙමු.එවැනි දේශයකට විදේශිකයන් ඒම අඩුවීම අරුමයක් නොවන්නේය.

අපේ හෘද සාක්ෂිය රටට සළකන ආකාරය සහ කැපවෙන අකාරය මිස අපි භාහිරෙන් පෙන්වන දේ ඇත්ත නොවීමට ඉඩ ඇත.මේ සියල්ල ජනතාව රැවටීම පිණිස යොදා ගන්නා මිනිස්සු මේ රටට ආදරේද යන්න ඔබේ හෘද සාක්ෂියෙන් විමසා බැලීම වටින්නේය.

මේ ඇඳුම පෙන්නා අපි “සිංහ කොඩියෙන් යට ඇඳුම් මසා ඇඳ ගනිල්ලා” යනුවෙන් යෝජනා නොකරන්නෙමු.අපට මිනිසුන්ගේ කොඩිය සමඟ හැසිරීම අනුව ඔහු රටට කෙතරම් ආදරේද කියා කියන්නට අපහසුය.එය තේරුම් ගැනීම වැදගත්ය.මේ ඉන්නේ රටට සිය ලෙයින් ජයග්‍රහණ ගෙනෙන්නට දායක වූ ක්‍රීඩකයෙක්ය.ලෝක සූරතාවයන් දෙකක් රටට දිනා දෙන්නට සහය වූ ක්‍රීඩකයෙක්ය.එසේනම් ඔහු මේ ඇද සිටින්නේ රටට අගෞරව කරන්නට යැයි කාට හරි යෝජනා කළ හැකිද?

මේ පිංතූරය දැක දකුණු අප්‍රිකානුවන් මේ ධජයටවත්,අත ඇති බියර් බෝතලයටවත් වස් කවි කියන්න යන්නේ නැති බව නිසැකය.ඔවුන් ෆැෆ්ව කියවා ගන්නේ ඔහු පිටිය තුළ සිඳු කරන ලද ක්‍රියාවන්ගෙන් රටට ලැබුණු ප්‍රතිපලය හෝ රටට ලැබිය හැකි ප්‍රතිපලය ගැන සිතාය.ඒ සේවය වෙනුවෙන් ඔහු සිය පෞද්ගලික ජීවිතය ඉහළින් පවත්වා ගෙන යාම ගැන ජනතාවද සතුටු වෙනවා සැක නැත.

අනෙකාගේ නිදහස තමන්ට ඇවැසි පරිදි සහ තමන්ගේ රුචිකත්වයන් සහ උවමානාවන් පරිදි කෙරිය යුතු බව සිතන අය කරන්නේ බලපෑමක් බව සිතා තමන්ගේ සැරයටියේ දුර මිනිස්සුන්ගේ නහය අසළින් ඉවත් කර ගත හැකිනම් මරුය.ඒවාට ආගමික හෝ ජාතික වූ බලපෑම් කිරීම වැරදිය.බලහත්කාරකමද වැරදිය.මෙහිදී සිදුවන්නේ එවැනි බලහත්කාරකම්ය.

කාට හෝ මේ සටහන ගැනීමට හැකි ආකාර කිහිපයක් තිබිය හැකිය.අයෙකුට මෙය ජාතික කොඩියෙන් අමුඩය ගැසීමට සහ ක්‍රිඩා කරන අය බියර් බිවිය යුතුය වැනි යෝජනා ගෙන එන සටහනක් ලෙස ගන්නට හැකිය.එහෙම නැත්නම් ආගමට එරෙහි ප්‍රකාශයක් ලෙස ගත හැකිය.තවත් ආකාරයකට දේශද්‍රෝහී ප්‍රකාශයක් ලෙස ද ගත හැකිය.තවත් අයෙකුට මේ මනුස්සයා කොතරම් නිදහසේ සැනසීමේ මේ පෙණුමෙන් බියර් එකක් පානය කරමින් සිටින බව පමණක් ගත හැකිය.ඒ විඳින නිදහස නරකද?එය අපි හිතන ආගමික හෝ ජාතික හැඩය නොවන්නේම් අප ෆැෆ්ට දඬුවම් කළ යුතු වන්නේද?

ෆැෆ් දකුණු අප්‍රිකාවේ නිසා බැහැ.ලංකාවෙනම් ඔය සෙල්ලම් බැහැ කියා සිතෙන්නේද? ඇත්තටම ඔබ කැමති විදිහට නීති දමා අඩුම තරමේ තරුණ පාසල් දරුවෙක්ට අදින ඇඳුමේ සිට කොණ්ඩය දක්වාම නීතිවලට යටත් කර රටට පිරිනමපු පුරවැසියා ගෙන ඇති තීරණ කෙසේද? සැකසී ඇත්තේ බයාදු,.ීරණ ගැනීමට අපහසු සහ හැකියාවක් නැති පරම්පරාවන් නොවේද?නිකමට මේහි ඇති වීඩියෝවත් බලන්න.සිවුරක් ඇන්ද පසු මිනිහෙක්ට තමන්ගේ අදහස කී විට හෝ විමසා සිටි විට මේ ආකාරයට පහර දෙන්න චීවරධාරියෙක්ට නිදහස තිබේද?එවැනි අවස්ථාවක කරන්නේ අසාධාරණයක් නම් හෝ වැරද්දක්නම් ඒ කරන එකා අපේනම් නිහඬව සිටිය යුතුය යන ශික්ෂණය ඇති කර ඇති ආකාරය අපුල දනවන්නේ නැද්ද?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වැඩසටහන් 24කට...

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...