අයවැයෙන් 20,000 ක් ඉල්ලා රාජ්‍ය සේවකයින් අද පාරට බසී

0
185

අයවැයෙන් රුපියල් 20,000 ක වැටුප් වැඩිකිරීමක් ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් අද (30) දිනයේ උද්ඝෝෂණ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, අද දහවල් 12.00 ට රාජ්‍ය ආයතනය ඉදිරිපිට සහ නගරවල එම උද්ඝෝෂණ ආරම්භ කෙරෙන බවයි වෘත්තීය සමිති නායකයින් සඳහන් කරන්නේ.

සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු සේවා ගණනාවක් ඒකාබද්ධව මෙම උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට නියමිතය.

RN