මාස හයක් තුළ පාතාල ක්‍රියාකාරකම් වලට සම්පූර්ණයෙන්ම තිත තැබීමට සැලසුම්

Date:

ඉදිරි මාස හය තුළ ආයුධ සන්නද්ධ පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නතර කිරීමට සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

“පසුගිය දවසක අනුරාධපුරේ බන්ධනාගාරගත වෙලා ඉන්න පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙක් උසාවියට අරගෙන එනකොට බස් රථයෙන් එළියට විසි කරලා තිබුණා කුඩා කොළ කැබැල්ලක්. එකේ තිබුණා යළිත් වරක් කොළඹට ප්‍රහාරයක් එල්ල කරන්න අපි සූදානමින් ඉන්නවා කියලා. එය ඔහුට අවධානය ගැනීමට කළ දෙයක්. එහි කිසිදු සත්‍යතාවයක් නැතැයි අනාවරණ වුණා.

ලොකු ප්‍රචාරයක් යනවා මේ පාතාල අපරාධ සම්බන්ධයෙන්. විශේෂයෙන් දකුණු පළාත ඒ වගේම බස්නාහිර පළාතෙත් සමහර තැන්වල. සන්නද්ධ අපරාධකරුවෝ. එහෙම නැති නම් තුවක්කුකරුවෝ වෙඩි තියලා පුද්ගලයෝ ඝාතනය කරනවා. මේවා ඔක්කෝම මෙහෙයවන්නේ, විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙන ප්‍රධාන පෙළේ අපරාධකරුවෝ.

ඉතාම ක්‍රමාණුකූල වැඩපිළිවෙළක් යටතේ ඉදිරි මාස 06 තුළ මේ සන්නද්ධ කණ්ඩායම් සහ සම්පූර්ණයෙන්ම මේ පාතාල ක්‍රියා නතර කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කරගෙන යනවා.

ව්‍යාපාරිකයින්ට තර්ජනය කරලා කප්පම් ගන්න කට්ටිය ඉන්නවා. ඒ අය ගැන තොරතුරු දන්නවා නම් සම්පත් දායකයෙකු ලෙස පොලීසියට සහයෝගය ලබාදෙන්න”

දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව පැවසුවේ ඊයේ (29) කොළඹදී පැවති උත්සවයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...