දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/30

Date:

  1. ඊශ්‍රායලය සහ පලස්තීනයේ හමාස් සංවිධානය අතර ප්‍රචණ්ඩ ක්‍රියා නවතා දමා දෙපාර්ශවය අතර මානවවාදී යුද විරතියකට එළඹෙන මෙන් ඉල්ලා ජෝර්දානය විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත යොමුකළ යෝජනාවට ශ්‍රී ලංකාව සහාය ලබා දෙයි: බාධාවකින් තොරව ගාසා තීරයට මානවවාදී සේවාවන් ලබා දීමට හැකියාව ලබා දෙන මෙන් ද එම යෝජනාව ඔස්සේ ඉල්ලා තිබේ.
  2. මෙරට ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයට ආයෝජනය කරන ප්‍රධාන ආයෝජකයකු වන Lycamobile හි ප්‍රංශ සමාගම් වෙත මුදල් විශුද්ධිකරණය සහ වැට් බදු වංචා සම්බන්ධයෙන් පැරිස් අධිකරණයක් විසින් යුරෝ මිලියන 10 ක දඩයක් නියම කර තිබේ: වැට් බදු වංචාවට හවුල් වීම සම්බන්ධයෙන් එම සමූහයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස්ටෝපර් ටූලි හට සිර දඬුවමක් සහ දැඩි දඩයක් ද නියම කර තිබේ: Lycamobile මෙම අධිකරණ තීන්දුව සමඟ එකඟ නොවන අතර, ඊට එරෙහිව අභියාචනය කර ඇති බව ද සඳහන්.
  3. 2025 වසරේ සිට නව දේපල බද්දක් හඳුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි: “බොහෝ දේපල” හිමි පුද්ගලයන්ගෙන් මෙම බද්ද අයකර ගැනීමට අපේක්ෂා කරන බව පවසයි: මෙය ඉතා හොඳ සහ ප්‍රගතිශීලී බද්දක් වන අතර එය ආචාර්ය එන් එම් පෙරේරා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී ද ක්‍රියාත්මක වූ බව පවසයි.
  4. බූස්ස බන්ධනාගාරයේ සිදු කළ වැටලීමකදී සංවිධානාත්මක අපරාධ සඳහා වරදකරුවන් වූ පුද්ගලයන් සතුව තිබී ජංගම දුරකථන සහ වෙනත් නීති විරෝධී භාණ්ඩ කිහිපයක් සොයාගෙන තිබේ: විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් ඇතුළු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් ගණනාවක් පාලනය කරනු ලබන්නේ සිරමැදිරිවල රඳවා සිටින පුද්ගලයන් විසින් බව තහවුරු වූ බව ද සඳහන්.
  5. ඉන්ධන අලෙවි කිරීමෙන් රජය විශාල ලාභයක් ලබන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක පවසයි: ඉන්ධන මිල අඩු කිරීමට රජයට හැකියාව ඇති මුත්, IOC සහ Sinopec සමාගම්වලට ලාභ ඉපැයීමට අවස්ථාවක් ලබාදීමට අවශ්‍ය බැවින් එය එසේ නොකරන බව පවසයි.
  6. ඊශ්‍රායල – හමාස් ගැටුමෙන් මියගිය අනුලා ජයතිලක නමැති ශ්‍රී ලංකා ජාතික කාන්තාවගේ දේහය මෙරටට රැගෙන එයි.
  7. ඖෂධ සැපයීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රු. බිලියන 5.6ක් වෙන් කර ඇති බව නව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි: රජයේ රෝහල්වල හිඟ බිල්පත් සියල්ල පියවීම සඳහා කඩිනම් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද පවසයි.
  8. වෘත්තීයවේදීන්ගේ සංගම් සංවිධානය (OPA) විසින් එම සංවිධානයේ 43 වන සභාපතිවරයා ලෙස සරත් ගමගේ තේරී පත්වෙයි; වෘත්තීයවේදීන්ගේ සංගම් සංවිධානය යනු වෘත්තීයන් 34ක් නියෝජනය කරමින් වෘත්තීයවේදීන්ගේ සංගම් 52 ක සාමාජිකත්වයක් දරන මෙරට ප්‍රධාන වෘත්තීයවේදීන්ගේ සංවිධානයයි: ගමගේ යනු ශ්‍රී ලංකා සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනයේ ආසන්නතම හිටපු සභාපතිවරයා ය.
  9. ඊජිප්තුවේ පැවැත්වෙන ලෝක යොවුන් චෙස් තරඟාවලියේ දී (World Youth Chess Tournament) චෙස් ක්‍රීඩිකා ඔසිනි දේවින්ද්‍යා ගුණවර්ධන ප්‍රථම වරට ඓතිහාසික ලෙස රන් පදක්කමක් දිනා ගනී: ඇය කොළඹ වයිචර්ලි ජාත්‍යන්තර පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නී ය.
  10. චීනයේ පැවැත්වෙන 4 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමස්තයක් ලෙස පදක්කම් 11ක් දිනා ගැනීමට සමත් වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...