සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ඖෂධ සම්බන්ධයෙන් හෙළි කළ තොරතුරකට අදාළව ප්රකාශයක් ලබාගැනීම සඳහා, පාර්ලිමේන්තු මන්ත්රී වසන්ත යාපා බණ්ඩාර මහතා අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.
අද පෙරවරු 10.30 ට මන්ත්රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇති බව සඳහන් වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??