තරගයේ වීරයා වෙනුවට චමීර

Date:

මෙවර ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත තරගයේ ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන් බල පෑ ලහිරු කුමාරගේ පන්දු යැවීම වුව ද ,ඔහු පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම නිසා දුෂ්මන්ත චමීර කණ්ඩායමට එක් කර ගැනීමට තීරණය වී ඇත. එංගලන්ත තරගයේ ජයග්‍රහණයට දායක වෙමින් එහි තරගයේ වීරයා වූ ලහිරු කුමාර වෙනුවට ඒ අනුව අද පැවත්වෙන ඇෆ්ගනිස්තාන තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්ථමානයේ සිටින ප්‍රධානතම වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර එක් වනු ඇත.

මේ වෙනස් කිරීම සඳහා මේ වන විට වසීම් කාන් (අයිසීසී සාමාන්‍යාධිකාරී සහ තාක්ෂණික කමිටු සභාපති),ක්‍රිස් ටෙට්ලි (අයිසීසී ඉසව් කළමණාකරණ ප්‍රධානි),හෙමාන් අමීන් (වැඩ බලන ප්‍රධාන විධායක ඉන්දීය ක්‍රිකට් ආයතනය),ගව්රව් සක්සෙනා (සාමාන්‍ය අධිකාරි මෙහෙයුම් ඉන්දීය ක්‍රිකට් ආයතනය) සහ අයිසීසී තාක්ෂණ කමිටුවට ස්වාධින නිලධාරීන් ලෙස ඇතුළත් කර තිබෙන රසල් ආනල්ඩ් සහ සයිමන් ඩූල් අවසරය ලබා දී තිබෙන බව වාර්තා වේ.

කෙසේ හෝ දුෂ්මන්ත චමීර කණ්ඩායමට එක් වීම සඳහා ලහිරු කුමාර ආබාධයකට ලක්වීමට පෙර ඉන්දියාවට ගොස් සිටීම නිසා මේ ඉක්මන් වෙනස් කර ගැනීම පහසු වීය. මේ වන විට මේ ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්නට නම් කරන ලද පළමු කණ්ඩායම සෑහෙන දුරට වෙනස් වී ඇති අතර එම වෙනස් වීම ධනාත්මකව කණ්ඩායමේ ජයග්‍රහණ කෙරෙහි බල පා තිබෙන බව ද පෙනෙන්නට ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානි ප්‍රමෝදය වික්‍රමසිංහ සහ කණ්ඩායම විසින් නම් කර ජාතික තේරීම් කමිටුවේ නිර්දේශයද සහිතව ක්‍රිඩා අමාත්‍යවරයා විසින් නම් කර එවන ලද පළමු කණ්ඩායම සම්බන්ධයෙන් නායකත්වය සම්බන්ධයෙන් සිටම විවේචන එල්ල වී තිිබිණ.එහෙත් ඒ සියලු දෙනාගේ එකතාවය මත ලෝක කුසලාන තරගාවලියට එකතු වූ කණ්ඩායම තරගාවලිය ආරම්භයේ විශාල පසුබෑමක සිටි අතර මේ වන විට නායකයාගේ සිටම විවිධ ආබාධවලට ලක්වීම හේතු කර ගෙන කණ්ඩායම යම් ප්‍රගතියක් ලබා තිබෙන බවක් දැකිය හැකිය.

ශ්‍රී ලංකා තේරීම් කමිටුව දැඩි ආන්දෝලනයකට තුඩු දෙන ආකාරයට කණ්ඩායම තේරිමේදි ශරීර යෝග්‍යාතාවයට මුල් තැන දෙමින් ක්‍රියා කළ නමුත් මෙවර ලෝක කුසලානයට ඉදිරිපත් කරන කණ්ඩායම නම් කිරීමේදී බොහෝ ක්‍රිඩකයින් ආබාධ නිසා ඉවත් කරන්නට සිඳු විය.එසේම තරගාවලිය තුළ ජයග්‍රහණ අතින් පසුපසින් සිටියත් කණ්ඩායමේ ක්‍රීඩකයින් ආබාධ හේතු කරගෙන ඉවත් කිරීමේදී අන් සියලුම කණ්ඩායම්වලට වඩා ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිනු දැකිය හැකියි.මේ තත්ත්වය මත ලෝක කුසලාන තරගාවලිය අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක වෙනසක් මෙන්ම බොහෝ විට තේරීම් කමිටුවේ වෙනසක් ද සිඳු වීමේ ඉඩක් ඇත.

දැනට ජයග්‍රහණ දෙකක් සමඟ තරගාවලියේ පස්වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව ඉදිරි තරගවලදී ලබන ජයග්‍රහණ ප්‍රමාණය මෙන්ම ඔවුන්ට ඉදිරියෙන් සිටින ඉන්දියාව,නවසිලන්තය,ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකා කණ්ඩායම ලබන පරාජයන් ද වැදගත් වෙනවා.1996 ලෝක සූරතාවය ලැබූ ශ්‍රී ලංකාව 1999 දී පසු බෑ පරාජයට පසුව ලෝක කුසලාන දෙකක් ආසන්නයේ සූරතාවයක් දිනූ කණ්ඩායමක් මේ ආකාරයට පසුබාන අවස්ථාව ලෙස මෙවර එංගලන්තයේ පසුබෑම හැඳින්විය හැකියි.වෙනසකට ඇත්තේ 96 දී සූරතාවය දිනූ කණ්ඩායමේ බහුතරයක් සමඟ 99 දී ද නායකත්වය දැරුවේ අර්ජුන රණතුංගම වීමයි. එහෙත් එංගලන්තය එක්දින සූරතාවය දිනුවේ ඔයින් මෝර්ගන් යටතේ වන අතර වත්මන් එංගලන්ත කණ්ඩායම ජොස් බට්ලර් විසින් මෙහෙයවනු ලබනවා.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...