ගබ්සා කිරීමේ අයිතිය ලබන වසරේ ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කෙරේ

සටහන – සශිකලා මධුෂාණී

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගබ්සා කිරීමට කාන්තාවකට ඇති සෞඛ්‍ය රක්ෂිතමය අයිතිය ලබන වසරේ ව්‍යවස්ථාවෙන් නීතියක් බවට පත් කරන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජනපදයේ ගබ්සා කිරීමට කාන්තාවකට ඇති ව්‍යවස්ථාපිත අයිතිය පිළිගත් 1973 Roe v Wade තීන්දුව 2022 ජුනි මාසයේදී එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අවලංගු කිරීමට ප්‍රතිචාර වශයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, ප්‍රංශ ජනාධිපතිවරයා ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් මාර්තු 08 වන දින ජාත්‍යන්තර කාන්තා දිනයේදී, කරන ලද පොරොන්දුවකට අනුව මෙය සිදුකර තිබේ.

රජයේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය වසරේ ප්‍රංශයේ ගබ්සා කිරීම් 234,000 ක් සිදු කර ඇති අතර 1975 වසරේදී ප්‍රංශයේ ගබ්සා කිරීමේ අයිතිය නීතිගත කරන ලදි.

එතැන් සිට පනවන ලද නීති කිහිපයක් හරහා ගබ්සා කිරීම් සඳහා කොන්දේසි වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන සිදු විය.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ අමාත්‍ය Bérangère Couillard ගබ්සා කිරීමේ අයිතිය ව්‍යවස්ථාවට ඇතුලත් කිරීම පිළිබඳ අයිතිය ගැන සදහන් කර තිබුණේ, මෙය සියලුම කාන්තාවන්ගේ ජයග්‍රහණයක් වන අතර අපගේ අයිතිවාසිකම් අහිමි වන ලෝකයේ වෙනත් රටවලට යවන ලද ශක්තිමත් පණිවුඩයක් බවයි.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...