රටට වෙනසක් අවශ්‍ය නම් කරන්න ඕන දේ මෙන්න!

Date:

කොළඹ LNW:දූෂණ විරෝධී පනත පූර්ණ වශයෙන් බලාත්මක කිරීම,රටේ ආර්ථික ගමන් මගෙන් හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.

රටේ ආර්ථික සංවර්ධනය පසුබෑමකට ලක් කර තිබෙන ප්‍රධානතම හේතුව දූෂණය බවත් විදේශීය ආයෝජන රටට නොලැබීම කෙරෙහිද දූෂණය දැඩිව බලපා තිබෙන බවත් ඔහු පවසයි.

මෑතක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එළිදක්වන ලද යෝජනා දහසයකින් සමන්විත වාර්තාව, දූෂණ විරෝධී දේශපාලන සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීමට අදාලව නැවුම් කතිකාවක් ගොඩනගා ඇති බව පවසන මහබැංකු අධිපතිවරයා, ඒ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළකර සිටියි.

ආර්ථික අවපාතය, අසමානතාවය, දරිද්‍රතාවය සහ සමාජ වටිනාකම්වල පරිහානිය, දූෂණයේ අතුරු ඵල යැයිද මහබැංකු අධිපතිවරයා පෙන්වාදෙයි.

එහෙයින් දූෂණයට විරුද්ධව ප්‍රබල සටනක් රට තුළ දියත් කළ යුතුව ඇතැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය විසින් පවත්වන ලද මහජන සම්මන්ත්‍රණයක් අමතමිනුයි මහබැංකු අධිපතිවරයා මම අදහස් පළ කර තිබුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...