හෝර්ටන්තැන්නට නව පිවිසුමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දෙස් විදෙස් කාගේත් නෙත් සිත් ආකර්ශනය කළ ශ්‍රී ලංකාවේ පිහිටි අති සුන්දර භූමියක් වන හෝර්ටන්තැන්න ඉමක් දැකිය නොහැකි ගෝලිය වස්තුවකි. ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකම අතින් ද ඉතා විශේෂ අසිරිමත් වූ ජාතික වනෝද්‍යානයකි .

එතරම් වටිනාකමකින් යුක්ත වූ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට ප්‍රවේශ වීම සඳහා තවත් ප්‍රවේශපත් කවුළුවක් ආරම්භ කර ඇත. ඒ ඩයගම පිවිසුම් මාර්ගයයි.

වන ජිවි හා වන සම්පත් අමාත්‍යාංශය පවසන්නේ , එම ඩයගම මාර්ගය විවෘත වීමත් සමග හෝර්ටන් තැන්නට මාර්ග 3කින් පිවිසීමට හැකියාව ලැබෙන බවත්, ඔහීය සහ පට්ටිපොල මාර්ගයෙන් පැමිණෙන සංචාරකයින්ට ඩයගම මාර්ගයෙන්ද පැමිණ හොර්ටන් තැන්න ජාතික උද්‍යානය නැරඹීමේ අවස්ථාව මෙමගින් උදාවන බවයි. එය සංචාරකයින්ට පහසුවක් වන බවද පෙන්වා දේ.



එමෙන්ම ප්‍රවේශපත් නිකුත්කරන කවුළු වල පවත්නා අනවශ්‍ය තදබදයද මග හරවා ගැනීමටද මෙමගින් අවස්ථාව ලැබෙන බවත් වන ජිවි හා වන සම්පත් අමාත්‍යාංශය පවසයි.

මෙහි ඉදිකිරීම් සඳහා අනුග්‍රහය සපයන්නේ ටෝකියෝ සිමෙන්ට් ආයතනය විසින් වන අතර, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගේ සහභාගිත්වයෙන් ඔක්තෝම්බර් 28 වනදින සංචාරකයන් සඳහා මෙය විවෘත කර ඇත.

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට වාර්ෂිකව දෙස් විදෙස් සංචාරකයින් විශාල සංඛ්‍යාවක් පැමිණෙන ජනප්‍රිය ජාතික උ්‍යානයක් වන අතර මේ වර්ෂයේ ජුනි මාසය වනතෙක් හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට පැමිණි දෙස් විදේස් සංචාරකයින් සංඛ්‍යාව එක් ලක්ෂ පනස් දහක් පමණ වන බවද සඳහන් වේ.

ඩයගම ප්‍රවේශයෙන් හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වන සංචාරකයින්ට උද්‍යානය තුල සංචාරය කිරීමට ස්වභාවික මංපෙත් භාවිතා කළ හැකි බවත් වනජිවි අමාත්‍යාංශය පවසයි.

මුලුමනින්ම ස්වභාවික මංපෙතක් වන මෙම මාර්ගය, වාහන භාවිතා කිරීමට ඉඩ ලබා නොදෙන අතර මෙම මාර්ගය පරිසර හිතකාමී ස්වභාවික මංපෙතක් ලෙස ක්‍රියාත්මක කර ඇති බව ද අමාත්‍යාංශය කියා සිටී.



රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...