*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

ලක්ෂ 69ක ඡන්දයක් ගත් ජනාධිපතිවරයා ගෙදර යවන්න ජනතාව සමත් වුණා – අනුර ලොස් ඇන්ජලීස් සිට කියයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අතීතයේ සිටියේ පාලකයාට බයේ ඇකිළුණු ජනතාවක් බවත්, ඇමතිවරයා දුටු විට කාණුවට බහින පිරිසක් බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ගමේ දේශපාලන අධිකාරිය විසින් බලය ගත් චණ්ඩි විසින් ගම්මු බිය වද්දා සිටි යුගය නිමා කර, අද පළමු වතාවට ඇමතිවරයා ජනතාවට බිය වී තිබෙන බවත්, ලංකාවේ ජනතාව දේශපාලන වශයෙන් මුවහත්වී, සක්‍රීයවී තිබෙන බවද ඔහු පවසයි. එයට හොඳම වර්තමාන උදාහරණය ලෙස, ලක්ෂ 69ක ඡන්ද ලබා බලයට පත්වූ ජනාධිපතිවරයා පළවා හැරීමට ජනතාව සමත්වී වීම බව ඔහු පෙන්වා දුන්නා. අද ඉන්නේ වෙනස්ව සිතිය හැකි ජනතාවක් බවත්, එය ඔවුන්ට හොඳ අවස්ථාවක් උදාකර ඇති බවද, තවදුරටත් පෙන්වා දුන්නා.

අන් කවරදාකටත් වඩා වෙනසක අවශ්‍යතාවය සඳහා කාලය උදාවී ඇති බවත්, බලය ලබාගැනීම සඳහා සියලු සම්පත් ඒකරාශී කර, හොඳින් කළමනාකරණය කර, මෙහෙයවීම ජාතික ජන බලවේගයේ වගකීම බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඔහු මේ බව පැවසූවේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්හිදී 2023.10.28 දින ජන හමුවක් අමතමිනි.

අනුර දිසානායක මහතා වැඩි දුරටත් මෙසේද පැවසීය.

මෙතන ඉන්න කිසිවෙකු ඇමරිකාවට ආවේ නැහැ දේශපාලනය කරන්න. බොහෝ අය රැකියාවක් සොයාගෙන, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හෝ ලංකාවට වඩා සුරක්ෂිත රටක් හොගෙන ඇවිත් තියෙන්නේ. ඔබ, ලංකාවෙන් බොහෝ දුරස්වූ රටක යම් සුරක්ෂිත ජීවිතයක් ගත කරද්දී ලංකාව පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න, ලංකාවේ සිදුවීම් පිළිබඳ කම්පනයක් තිබෙන කණ්ඩායමක් ලෙස තමයි අද මෙතනට සහභාගිවී සිටින්නේ. ඒ පිළිබඳව ඔබට ස්තූතිවන්ත වෙනවා. මෙතන සිටින බොහෝ දෙනෙක් මීට පෙර අපිව හමුවී නැහැ. බොහෝ පිරිසක් අපිව හමුවෙන්න ආ පළමු අවස්ථාව මෙය වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ සියලු දෙනා මීට පෙර කවර හෝ දේශපාලන ව්‍යාපාරයකට උදව් කරලා ඇති. දායකත්වය සපයලා ඇති. ඒ ඔබගේ යහපත් අපේක්ෂාවන්, බලාපොරොත්තු වෙනුවෙන්. බොහෝ පිරිසක් නායකයන් බලයට ගේන්න, ආණ්ඩු බලයට ගේන්න උදව් කළේ පුද්ගලික අපේක්ෂාවන් වෙනුවෙන් නෙවෙයි. නමුත් ඒ නායකයින් සහ ආණ්ඩු ඔබේ අපේක්ෂාවන් තුට්ටුවකට මායිම් නොකර බිඳවට්ටලා දැම්මා. ඒ දේශපාලන පක්ෂ ගැන නායකයින් ගැන කළකිරීමක්, කෝපයක් තියෙනවා ඇති. ඒක තමයි පහුගිය කාලේ ගෝල්ෆේස් පිටියෙන් ප්‍රකාශයට පත්වුනේ. එයට ඔබේ සුභපැතුම දායකත්වය තිබුණා. ඒ ඇයි? ඔබ විසින් ගෙනා පාලකයින් ඔබේ අපේක්ෂාව බිඳවට්ටලා දැමීම. මා ඔබට එක බලාපොරොත්තුවක් දෙන්නම්. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය, අපේක්ෂාව බලාපොරොත්තුව බිඳුවකින් හෝ බිඳවැටීමට ඉඩ නොතබන බවට සහතික වෙනවා.

ඔබට අපේ රට ගැන තිබෙන අපේක්ෂාවම, බලාපොරොත්තුවම, සමහර විට ඊටත් වඩා අපේක්ෂාවක් බලාපොරොත්තුවක් අපිටත් තිබෙනවා. මොකද මේ විදියට අපේ මාතෘභූමියට අඟලක්වත් ඉදිරියට යන්න බැහැ. තවදුරටත් අපේ ජනතාවට මේ විදියට දුක්කදෝමන්ස්සයන්වලට මුහුණදෙමින් ජීවත් වෙන්න බැහැ. මේක අනිවාර්ය ලෙස වෙනස් කළ යුතුයි. ඔබ හිතනවාද මේ රට තවදුරටත් මේ විදියට යා යුතුයි කියලා. ඔබ හිතනවද අපේ රටේ ජනතාව මේ විදියට ජීවත් විය යුතුයි කියලා. ඒ නිසා මේ රට වෙනස් කිරීමේ ස්ථිර අධිෂ්ඨානයක් නොවෙනස්වෙන අරමුණක් අපිට තිබෙනවා. අපි ශ්‍රී ලංකාව සහතික විශයෙන්ම සුභදායි දිශාවට වෙනස් කරනවා.

ඔබ දන්නවා වුනත් අද අපේ රටේ ඛේදවාචකය මොනතරම්ද කියලා තේරුම් ගන්න කරුණු කිහිපයක් කියන්නම්. ඇස්වල කුඩා අසනීපයකට ප්‍රතිකාර ලබාගන්න රෝහලකට ගියවිට ජීවිතාන්තය දක්වා අන්ධ වෙනවා. සිඟිති දරුවෙකුගේ අසනීපයකට ඉන්ජක්ෂන් එකක් ලබා ගැනීමෙන් පස්සේ දරුවා මිය යනවා. අපේ ඇස් ඉදිරිපිට අධිකරණයෙන් අපරාධකරුවන් ලෙස දඬුවන් ලබන අය, අධිකරණයෙන් මරණ දඬුවම් හිමිවු අය, බරපතළ අපරාධ කළ අය, අපරාධවලට හවුල් වූ අය, රටක් පාලනය කරනවා. නීතියේ විධානයේ ආධිපත්‍යය නැති රටක් බවට අපේ රට පත්වී තිබෙනවා. අපරාධ ගහන රාජ්‍යයක් බවට පත්වී තිබෙනවා. එහෙම රටක් අපිට ඕනැද? මේක වෙනස් කරන්න උවමනා නැද්ද? පසුගියදා මහ බැංකු වාර්තාවේ කිව්වා ජනගහනයෙන් 68%ක් තුන්වේල කන්නේ නැහැ. කන ප්‍රමාණ්‍ය අඩුකරලා. එහෙම නැත්නම් රුචි නොවන ආහාර ලබාගන්නවා. ජනතාවට නිසි ආහාර වේලක් නැහැ. ඒ වගේම රට මහා ණය කන්දක හිර කරලා.

පසුගිය දෙසැම්බර් 31ට අපේ රටේ ණය ප්‍රමාණය ටි්‍රලියන 30යි. (කෝටි ලක්ෂ 30යි) ජනගහනය කෝටි 2.2යි. තරුණයන්ට රැකියා අවස්ථාවන් නැති රටක්. සෑම තරුණ තරුණියක්ම යම් ආදායම් සහිත රැකියාවක් සොයා ගැනීමට ලංකාවෙන් පිටතට යාමට පොළඹවා තිබෙනවා. අද අපේ රට මෙවන් අර්බුදකාරී තත්වයන්ට මුහුණදී තිබෙනවා. තවදුරටත් මේ ආකාරයෙන් ඉදිරියට යන්න බැහැ. මේ ගමන් මාවත අපි වෙනස් කළ යුතුමයි. පළමුවෙන්ම අපි බලය ගත යුතුයි. දෙවනුව රට හැදිය යුතුයි. අපේ රටේ වසර 75ක් පමණ ප්‍රධාන ධාරවන් දෙකක පක්ෂ දෙකක් මත පාලනය කේන්ද්‍රගත වී තිබුණා. අද වන විට ඒ පක්ෂ දෙක දෙකක් නොවන බව ඔප්පු කොට තිබෙනවා. ලංකාවේ පළමු වතාවට මේ දේශපාලන කඳවුරු දෙක එකට එකතුවී තිබෙනවා. වංචා, දූෂණයේදි මේ අය එකම කඳවුරක ඉන්නේ. වංචාවේ යෙදෙනවා. වංචනිකයන් ආරක්ෂා කරනවා. ණය ගැනීම සහ විකිණීමේදී ආර්ථික ප්‍රතිපත්තිය එකක්.

මීට පෙර සිටියේ පාලකයාට බයේ, ඇකිළුණු ජනතාවක්. ඇමතිවරයා එනකොට කාණුවට බහිනවා. ගමේ දේශපාලන අධිකාරිය විසින් බලය ගත්ත චණ්ඩි ටිකක් හිටියා. ගම්මු බිය වැද්දුවා. අද පළමු වතාවට ඇමතිවරයා ජනතාවට බිය වී තිබෙනවා. ලංකාවේ ජනතාව දේශපාලන වශයෙන් මුවහත්වී, සක්‍රීයවී තිබෙනවා. එය කොතරම්ද කියනවා නම්, ලක්ෂ 69ක ඡන්ද ලබා බලයට පත්වූ ජනාධිපතිවරයා පළවා හැරීමට ජනතාව සමත්වී තිබෙනවා. අද ඉන්නේ වෙනස්ව සිතිය හැකි ජනතාවක්. එය අපට හොඳ අවස්ථාවක් උදාකර තිබෙනවා. ඉස්සර යූ.එන්.පී. හෝ ශ්‍රී ලංකා පාලනයක් ගොඩනඟා ගත් ජනතාව ඒ අවස්ථාවල අපි දිහා බැලුවේ, වොචර් ජොබ් එකට අපෙනුත් කිහිප දෙනෙක් යවන්න ඕන කියලා. පාර්ලිමේන්තුවේ කෑ ගහන්න හතර පස්දෙනෙක් යවන්න ඕන කියන චේතනාවෙන් තමයි අපිව තෝරා ගත්තේ. අපේ ආණ්ඩුවක් හදන්න, ප්‍රධාන විපක්ෂය කිරීමට එදා ජනතාවට උවමනාව තිබුණේ නැහැ. අද ලංකාවේ දේශපාලනය වෙනස් වෙලා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගොඩනැගීමේ අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් ඇතිවී තිබෙනවා.

මේ සියල්ල දෙස බැලීමේදී අපට පෙනී යන්නේ, බලය ලබාගැනීමේ හැකියාවක් සහිත අවස්ථාව උදාවෙලා, නිර්මාණය වෙලා තිබෙන බව. අපට බලය සඳහා අවශ්‍යතාවයන් තිබුණත් ඒ සඳහා අවශ්‍ය තත්වයන් නිර්මාණය වෙන්නේ නැතිව බලය ලබා ගත නොහැකියි. අන් කවරදාකටත් වඩා වෙනසක අවශ්‍යතාවය සඳහා කාලය උදාවී තිබෙනවා. දැන් තිබෙන්නේ බලය අත්පත් කර ගැනීම සඳහා අපි සමත්ද? අසමත්ද? යන කරුණයි. බලය ලබාගැනීම සඳහා සියලු සම්පත් ඒකරාශී කර, හොඳින් කළමනාකරණය කර, මෙහෙයවීම තමයි ජාතික ජන බලවේගයේ වගකීම” ලෙස ඔහු දීර්ඝ ලෙස පවසා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan