පැය 13ක් අදුරේ සිටි රට මාස 12 ගොඩගත්තේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන්!

Date:

කොළඹ LNW: පැය 13ක් අඳුරේ සිටි රටක් මාස 12ක කාලයක් තුළ ක්‍රමවත්ව ඉදිරියට ගෙන ඒමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේය.

ඒ අද (30) ජාතික ලොතරැයි මණ්ඩලයේ ”සුපිරි ධන සම්පත’ ලොතරැයිය හදුන්වාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

එම වනසා සිදුකිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දුන් අතර අර්බුදයෙන් මිදී ස්ථාවර වෙමින් තිබෙන පසුබිමක තවත් පිරිසක් ය නැවත හැරවීමට උත්සහ කරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

”රට වෙනස් කරන්න හදද්දී සුළු පිරිසකගේ උවමනාවට වෙනස කරන්න මැලිවෙනවා. රටට අද වෙලා තියෙන්නේ ඒක. අපි ඒ වෙනස්කම් කරන්න මැලි උන නිසා රට ආර්ථික අර්බුදයකට ගියා. මේ ආර්ථික අර්බුදය තෝරගත්ත කොටසකට ආපු එකක් නෙවෙයි හැමෝටම ආපු එකක්. පැය 13ක් අඳුරේ හිටපු රටක්. අපි මේ මාස 12ක් තුළ රට ක්‍රමවත්ව ඉදිරියට ගෙන ආවා. ඒ සදහා රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය ලබාදුන්නා. දැන් අර්බුදයෙන් මිදිලා යම් තැනකට ආවට පස්සේ වෙන පිරිසක් වෙන තැනකට ගෙනියන්න හදනවා. ඔවුන් ඒ අර්බුදය දිගටම ගෙනියන්න හදපු අය. මේ අර්බුදයෙන් වෙනස්වෙන්න ගත්ත ක්‍රියාමාර්ග යම් වේදනාකාරී ඒවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් ආයතන එක්ක සාකච්ජා අනුව 2024 ආර්ථික වර්ධනයකට යන්න පුලුවන් වෙනවා. කලුවර කරපු අයට මාධ්‍යත් වැඩියෙන් අවස්ථාව ලබාදෙනවා. ජනාධිපතිවරයා අත්දැකීම් තියෙන කෙනෙක් විදිහට ඒ අභියෝගය භාරගෙන සියලුදෙනාගේ දායකත්වය අරගෙන කටයුතු කරගෙන යනවා. බදු එකතුකිරීමෙන් පමණක් මේක කරන්න බෑ. රටමේ විදිහට පරිවර්තනය වුනේ ජනාධිපතිවරයාගේ අත්දැකීම් නිසා.”යනවෙන් සේමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...