*
Friday, October 4, 2024
spot_img

Latest Posts

තුර්කි ගුවන් සේවය අද සිට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාව සමග තුර්කි ගුවන් සේවය අද දින ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කළේය. ඒ අනුව තුර්කි මංගල ගුවන් යානය අද (30) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව TK-730 දරන ගුවන් යානය තුර්කියේ ඉස්තාන්බූල් නුවර සිට අද උදෑසන 05.40ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟාවී ඇති බව සඳහන්.

මෙම ගුවන් යානයෙන් මගීන් 261 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර, ගුවන් ගමන සඳහා පැය 08ක කාලයක් වැය වන බව සඳහන්.

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල උදෑසන 05.40ට තුර්කියේ සිට සහ නැවත උදෑසන 07.40ට කටුනායක ගුවන් තොටුපොළෙන් තුර්කිය බලා පිටත්වීමට නියමිතයි.

වසර 10ක පමණ කාලයක සිට තුර්කි ගුවන් සේවය මාලදිවයින හරහා කටුනායක ගුවන් තොටුපොළ වෙත සිය ගුවන් සේවා පවත්වා ගෙන ගොස් තිබූ අතර, මෙලෙස ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමත් සමග තුර්කියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි වනු ඇති බවට ගුවන් තොටුපළ බලධාරීන් විශ්වාසය පළ කරයි.

එසේම එළඹෙන 2024 වසරේ සිට සතියේ දින 07 ම මෙම තුර්කි ගුවන් සේවා යානා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .

මෙම ගුවන් යානය පිළිගැනීමේ උත්සවයට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ඩිමෙත් මහත්මිය , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රෙහාන් වන්නිඅප්පා , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති චානක ගජබාහු ඇතුළු ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් ක්ෂේත්‍රයට අදාළ විශාල පිරිසක් සහභාගී වී සිටියහ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan