පානදුර නගරයේ දෙමහල් ගොඩනැගිලි පහක් එකවරම කඩා වැටිලා ! (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පානදුර නගරයේ ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටා තිබූ පැරණි දෙමහල් ගොඩනැගිලි පහක් ඊයේ (ඔක්තෝබර් 30) පස්වරුවේ එකවරම කඩා වැටී තිබේ.

අදාළ ගොඩනැගිලි පහේ දන්ත ශල්‍යාගාරයක්, රෙදිපිළි අලෙවිසැලක් සහ තවත් වෙළඳසැල් කිහිපයක්ම තිබී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී ඒවායින් දෙකක් විවෘතව තිබී ඇත.

අනතුරින් වෙළඳසැල් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති නමුත් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති බව සඳහන්.

එම ගොඩනැගිලි අසල මාර්ගයේ කාණු පද්ධතිය සකස් කිරීම සඳහා ඊයේ දහවල් සිට බැකෝ යන්ත්‍රයක් යොදාගනිමින් කාණු හාරා ඇති අතර එම බැකෝ යන්ත්‍රයත් පස් පිරවූ ලොරියත් පිටව යාමත් සමගම මෙම ගොඩනැගිලි එකවරම කඩා වැටී ඇත.

බැකෝ යන්ත්‍රයෙන් කාණු සකස් කිරීමේදී පොළවේ ඇතිවූ දෙදරීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බවයි එම අවස්ථාවේ එහි සිටි ප්‍රදේශවාසීන් පවසන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...