දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැය 7කින් අවසන්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ඊයේ (ඔක්තෝබර් 30) පස්වරුවේ දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර පැවසීය.

උසස්වීම්, බඳවාගැනීම්, දුම්රිය අවලංගු වීම් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම ආදී ගැටලු කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බවට පසුගිය සඳුදා තීරණය කර තිබුණු අතර ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දැක්වීමට ඔවුන් දුම්රිය බලධාරීන්ට පැය 72ක කාලයක් ලබාදී තිබිණි.

එහෙත් ප්‍රවාහන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා හා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුව දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක සංගමයේ තීරණය පරිදි ඊයේ පස්වරු 4:30 සිට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් වැළකෙමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කෙරුණු අතර එය පැය 7කට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක විය.

කෙසේවෙතත් අදට (ඔක්තෝබර් 31) යෙදී ඇති දීපාවලී දිනයේදී ජනතාව අපහසුතාවට ලක්වීම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට තීරණය කළ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර ප්‍රකාශ කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...