අද (31) දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (31) උදෑසන 08.00 සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

ස්ථාන මාරු පිළිබඳ ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් එම සංගමය මෙසේ වැඩවර්ජනයක නිරත වීමට නියමිත ය.

“මේ රටේ සෞඛ්‍ය පද්ධතිය බරපතළ ගැටලු රැසක් මැද අපි මේ ඉස්සරහට කරගෙන යන්නෙ. එක පැත්තකින් මානව සම්පත් ප්‍රශ්නයක් තියෙනවා, වෛද්‍යවරුන් හිඟයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ගැටලු ගණනාවක් තියෙනවා, රෝගීන් සඳහා මේ සෞඛ්‍ය පද්ධතියේ ලබාදෙන පහසුකම්වල ගැටලු ගණනාවක් තියෙනවා. ඖෂධ සහ උපකරණ හිඟය දවසින් දවස උඝ්ර වෙනවා. අනිත් පැත්තෙන් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමට අදාළවත් ගැටලු ගණනාවක් තියෙනවා.

මේ වගේ ගැටලු රාශියක් මධ්‍යයේ තමයි මේ රටේ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් විශාල කැපකිරීමක් කරලා මේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යන්නෙ. ඒ වෛද්‍යවරුන් රැකගන්නවා වෙනුවට, ඔවුන්ව ධෛර්යමත් කරනවා වෙනුවට මේ වෙද්දී අපි දකින්න සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම වෛද්‍යවරුන් පීඩනයට පත්කරමින් තමයි සිටින්නෙ.

දැන් මේ අලුත්ම කාරණය තමයි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් පිළිගත් නීත්‍යානුකූල විධිමත් ක්‍රමවේදයක් තියෙනකොට, ආයතන සංග්‍රහයේ නිශ්චිත විධිවිධාන තියෙනකොට, ස්ථාන මාරු මණ්ඩල හරහා වැඩකරන්න කියලා නිශ්චිතව නියෝග කරලා තියෙනකොට ඒ සියල්ල උල්ලංඝනය කරලා සෞඛ්‍ය අමාත්‍යාංශය හිතුමතේ වෛද්‍යවරුන්ව අර දාම් ලෑල්ලෙ ඉත්තො අදිනවා වගේ එහෙට මෙහෙට අදින්න පටන් අරගෙන තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම හොර පාරේ, වැරදි පාරේ යනකොට අපිට සිද්ධ වෙනවා දැනෙන විදියට මේ තීරණවලට උත්තර දෙන්න.

ඒ අනුව මේ ස්ථාන මාරු නියෝග අකුළා නොගත්තොත් අකමැත්තෙන් වුණත් 31 වෙනිදා උදෑසන 08.00 සිට ක්‍රියාත්මක වන පරිදි දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරනවා. 31 වෙනිදා උදෑසන 08.00 ට මේ රටේ සියලුම රෝහල්වල මේ වැඩවර්ජනය ආරම්භ වෙනවා. සාමාන්‍ය දෛනික ප්‍රතිකාර සේවා සියල්ල අඩපණ වීමට නියමිතයි. ඒ කියන්න බාහිර රෝගී අංශය, සායන ටික, වාට්ටුවල තියෙන සාමාන්‍ය ප්‍රතිකාර සේවා, මේ සියල්ල අඩපණ වීමට නියමිතයි. නමුත් අපි වෙනදා වගේම හදිසි සහ අත්‍යාවශ්‍ය ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යනවා. ඒ වගේම පිළිකා රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒක, ළමා රෝහල්, මාතෘ ප්‍රතිකාර ඒක, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වගේ තෝරාගත් ආයතන ගණනාවක මේ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන්නෙ නැහැ”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

UPDATE :

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...

ගාසා තීරයේ රාෆා හරස් මාර්ගය සීමිත ගමන් සඳහා නැවත විවෘත කරන බව ඊශ්‍රායලය පවසයි.

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෆා දේශසීමා පිවිසුම සීමිත...

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා?