වෛද්‍ය වැඩවර්ජනය අද දහවල් දක්වා තාවකාලිකව අත්හිටුවයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (31) උදෑසන 8.00 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ඊයේ (30) රාත්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවේදී ඇති වූ එකඟතා මත මෙම තීරණය ගත් බවයි එම සංගමය සඳහන් කරන්නේ.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පිළිගත් ක්‍රමවේදය උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනු ලැබූ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් අත්හිටුවීමටත්, ඒ වෙනුවට පිළිගත් ක්‍රමවේදය හරහා කාල රාමුවක් සහිතව වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමටත් සෞඛ්‍ය බලධාරීන් එකඟවූ අතර එම එකඟතාවයන්, අද දින පැවැත්වෙන සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන වෛද්‍යවරුන්ගේ විශේෂ සාකච්ඡාවේදී තහවුරු කිරීමටද එකඟ වූ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කර ඇත.

ඒ අනුව එම එකඟතාවයන් සලකා බලමින්, සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන වෛද්‍යවරුන්ගේ සාකච්ඡාවේදී අදාළ එකඟතාවයන් තහවුරු කර ලිඛිතව ලැබෙන තුරු, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක සභාව ප්‍රකාශයට පත් කර තිබූ වැඩවර්ජනය ආරම්භ කිරිම අද දහවල් 12.00 දක්වා තාවකාලිකව දීර්ඝ කිරීමට තීරණය කර ඇති අතර එම එකඟතා ක්‍රියාත්මක නොවන්නේ නම්, ඕනෑම මොහොතක නැවත වැඩ වර්ජනය ආරම්භ කිරීමට තීරණය කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...

ගාසා තීරයේ රාෆා හරස් මාර්ගය සීමිත ගමන් සඳහා නැවත විවෘත කරන බව ඊශ්‍රායලය පවසයි.

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෆා දේශසීමා පිවිසුම සීමිත...

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා?