ඇන්ඩෲ කුමරුගේ තරුපටි ගැලවේ; වින්ඩ්සර් නිවසින් පිටව යා යුතු බව බකිංහැම් මාලිගය කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇන්ඩෲ කුමරුගේ රාජකීය පදවි නාම ඉවත් කිරීමෙන් අනතුරුව වින්ඩ්සර් හි රාජකීය නිවසින් පිටව යන ලෙස බකිංහම් මාලිගය නිවේදනය කර තිබේ.

එක්සත් ජනපද මුල්‍ය වංචාකරුවකු හා ලිංගික අපරාධකරුවකු වන ජෙෆ්රි එප්ස්ටයින් සමඟ ඇති සම්බන්ධතා පිළිබඳව වසර ගණනාවක් තිස්සේ එල්ල වූ විවේචනවලින් අනතුරුව චාල්ස් රජුගේ බාල සහෝදරයා සහ අභාවප්‍රාප්ත එලිසබෙත් රැජිනගේ දෙවන පුත්‍රයා වන 65 හැවිරිදි ඇන්ඩෲ කුමරු සිය පදවිය අත්හරින බවට පසුගියදා නිවේදනය කිරීමෙන් අනතුරුව බකිංහැම් මාලිගය මෙම තීරණය ගෙන තිබිණි.

තීරණයේ දී රජුට වේල්ස් කුමරුගේ සහාය ලැබී ඇති අතර ඇන්ඩෲ ක්‍රියාවලියට විරුද්ධ නොවූ බවද සඳහන් වේ.

බකිංහැම් මාලිගය තම නිවේදනයේ දී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ඇන්ඩෲ කුමරු දැන් ඇන්ඩෲ මවුන්ට්බැටන් වින්ඩ්සර් ලෙස හඳුන්වනු ලබන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...