සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සිදු කරන ලෙස කරන ලද ඉල්ලීමක් ඉරානය විසින් හෙලා දැක ඇති බව වාර්තා වේ.
ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි,විසින් ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම යෝජනාව ප්‍රතිගාමී හා වගකීම් විරහිත එකක් බවට ප්‍රතික්ෂේප කර තිබු අතර ඔහු සිය ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ හිරිහැර කරන්නෙකු පරමාණුක අවි අත්හදා බැලීම් නැවත ආරම්භ කරමින් සිටී, එම හිරිහැර කරන්නා ඉරානයේ සාමකාමී න්‍යෂ්ටික වැඩසටහන යක්ෂාවේශ කරමින් සිටින අතර අපගේ ආරක්ෂිත න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් සිටින අතර, ඒ සියල්ල ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි යනුවෙණි.
ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් ලබා ගැනීමට තමා කැමති නැති බව ට්‍රම්ප් පසුගිය කාලය පුරාම දැඩිව ප්‍රකාශ කර තිබු අතර පසුගිය ජුනි මාසයේදී, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරාන හමුදා ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් වලට ප්‍රහාර එල්ල කළ අතර මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ න්‍යෂ්ටික ආරක්ෂක විශේෂඥයෙකු සහ ගෞරවනීය වෘත්තීය සාමාජිකයෙකු වන ට්‍රෙවර් ෆින්ඩ්ලේ මේ සමබන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, ටෙහෙරානය තම න්‍යෂ්ටික වැඩසටහන සිවිල් අරමුණු සඳහා පමණක් බව පවත්වා ගෙන යන අතර එය කිසි විටෙකත් න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කර නොමැති බවයි.
රුසියාව හෝ චීනය දශක ගණනාවක් තිස්සේ න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කර නොමැති අතර 1996 විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම මගින් න්‍යෂ්ටික අත්හදා බැලීම තහනම් කර ඇත. 1990 දී සෝවියට් සංගමය ද, චීනය 1996 ද, එක්සත් රාජධානිය 1991 වසරේද, ඇමරිකා එක්සත් ජනපදය 1992 වසරේද, 1996 දී ප්‍රංශය ද සිය න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදුකල අතර පසුගිය දශක දෙක තුළ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කළ එකම රට උතුරු කොරියාව වන අතර එහි අවසන් පරීක්ෂණය 2017 දී සිදු කරන ලදී.