ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන – රුවන් නෙළුගොල්ල

කඩවත – ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය ප්‍රදේශයේදී අද (31) පස්වරුවේ පොලීසිය විසින් ත්‍රීරෝද රථයකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් බාලවයස්කරුවකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අද පස්වරුවේ මහකඩේ හන්දිය ප්‍රදේශයේදී රථ වාහන රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරින් පිරිසක් එම ස්ථානයෙන් ගමන් කළ ත්‍රීරෝද රථයකට නවත්වන ලෙසට අණ කර ඇතත් අදාළ ත්‍රීරෝද රථය පොලිස් අණ නොතකා අදාළ ත්‍රීරෝද රථය ධාවනය කර ඇති බවත් එහිදී පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති බවත් පොලීසිය පවසයි.

එම වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථයේ සිටි 16 හැවිරිදි දරුවකු තුවාල ලබා ඇති අතර ඔහුගේ පිටුපස ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ලවී ඇති බවත් බරපතළ තත්ත්වයේ පසු වූ අදාළ බාලවයස්කරු ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන්.

මෙහිදී තවත් පුද්ගලයකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා විය.

කඩවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: රුසියානු විදේශ අමාත්‍ය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...