ශ්‍රී ලංකාව නවසීලන්තයට පරාජය වුණේ ඇයි?මේ ප්‍රශ්ණයට තිබුණ පිළිතුර ග්ලේන් පිලිප්ස්ගේඋඩ පන්දුව ගිලිහී යාමය.එසේම නවසීලන්ත පිතිකරුවන් ලබා ගත් කෙටි ලකුණුය.විශේෂයෙන් ලකුණු 2 සහ 3 ලබා ගැනීමය.අපට පිතිකරුවන්ගේ දුර්වලතාවය හමුවන්නේ ඉනික්බිතිවය.
නවසීලන්ත පන්දු යවන්නන්ට 167 ක් ලබා ගැනීම යනු පහසු කරුණක් සේ සිතීම ගැටළුවකි.ඉතාම හොඳින් පන්දු යවමන් සිටියදී පන්දු යවන්නාට සහය වන්නට තවත් දක්ෂම 10 දෙනෙක් පන්දු රකිමින් සිටියදී එවැනි ලකුණු හඹායාමක් අසීරුය.එවැනි පසුබිමක ග්ලේන් පිලිප්ස් වැනි පිතිකරුවෙක්ට අවස්ථාවක් ලැබීම සහ ඒඩ්න් මාක්රාම්ට අවස්ථාවක් ලැබීමත් යනු එතැන සිට පිතිකරුවාගේ ප්‍රහාරයට මෙන්ම බුද්ධියට ඊටත් වඩා පුළුල් ඉඩක් හිමිවීමයි.
අපේ මනස හුරුකර තිබෙන්නේ ඇතැම් විට ලංකාව ඇතුළේ ලෝකය තිබෙන බව සිතන්නටය.නමුත් ඇත්තලෝකය ඇතුළේ ආසියාවද ආසියාව ඇතුළේ අප ද සිටින බව තේරුම් ගැනීමය.ඒ නිසා ආසියානු කුසලාන කණ්ඩායමම මෙහි සිටිය යුතු බව කියන තැන සිටම ලංකාවේ ක්‍රිකට් අපේක්ෂාවන් සැරිසැරීම ක්‍රිකට් හි හරි පළල කියවා ගැනීමක් නොවේය.එකිනෙකට වෙනස් වූ තත්ත්වයන් යටතේ මෙන්ම ඒ ඒ තත්ත්වයන් යටතේ දක්ෂතාවන්ගේ වෙනස්වීම් ද ඇති බව අපි තේරුම්ගත යුතු වන්නෙමු.
ඉන්දියාවට එරෙහිව දකුණු අප්‍රිකානු ඉණිම ආරම්භයේදී කඩාවැටෙන විට මාක්රම් සහ ඩේවිඩ් මිලර් සිඳු කළේ අවදානම් සහිත දැවන්ත ප්‍රහාරවලට උත්සාහ නොකිරීමය.ඒ වෙනුවට ඔවුන් දිවීමෙන් ලබා ගන්නා ලකුණුවලින් සෑහෙන ලකුණු ප්‍රමාණයක් උපයා ගත්තේය.ඉන්දියාවට ඊට ඉඩ ලැබුණේ අඩුවෙන්ය.ඒ දකුණු අප්‍රිකානු පන්දු රකින්නන් වැරදි නොකර නිසාය.විශේෂයෙන් ඉන්දීය ඉණිමද සූරිය කුමාර් යාදෙව් මතම ගොඩ නැඟුණු එකක් විය.එහෙත් යාදෙව්ට වැරදි වැරදී නිවැරදි වෙන්නට ඉඩක් අප්‍රිකානුවන්ගෙන් නොලැබිණි.
නමුත් මාක්රම්ට සහ ඩේවිඩ් මිලර්ට කෝලි විසින් අත හැරි මාක්‍රම්ගේ උඩ පන්දුවට අමතරව රෝහිත් ෂර්මා විසින් අහිමි කරගත් දුවද්දී දැවී යාම් එකක් සහ සූරියකුමාර් යාදෙව් විසින් අතහැරි එවැනි ඉතා ආසන්න අවස්ථාවක් ද ඇතුළත් විය.මේ තත්ත්වය පදනම් කරගෙන දකුණු අප්‍රිකාවේ පිතිකරුවන් උපරිම ප්‍රයෝජන ගත්තේය.ජාත්‍යන්තර පිටියේ අවස්ථාවක් අත හරිනු ලබනවා කියන්නේ ප්‍රතිවාදියා අවස්ථාවන් දහසක් නිර්මාණය කර ගැනීමය.එසේම අතහැරෙන අවස්ථාවකින් තමන් වෙත දහස් ගුණයකින් පීඩනයක් නිර්මාණය කර ගැනීම ද සාමාන්‍ය තත්ත්වයකි.ශ්‍රී ලංකාව ප්‍රතිවාදියාට අවස්ථාවන් නිර්මාණය කර ගන්න අවස්ථා ලබා දීම මෙන්ම තමන් තුළ දහස් ගුණයකින් පිඩනය නිර්මාණය කර ගැනීම ද පැහැදිළිව දකින්නට ලැබිණ.ඉන්දියාව ඒ අතහැරීමෙන් දකුණු අප්‍රිකාවට එල්ල කර තිබුණු පීඩනය කෙතරම් සැහැල්ලු වෙන්න ඇද්ද යන්න ඔවුන්ගේ කඩුලු වැටීම මෙන්ම ඒ වැටීමෙන් පසු වැටුණු තැනින් ඔවුන් නැගිටි ආකාරය තේරුම් ගැනීමටද ඔබට එම ලකුණු පූවරුව වැදගත්ය.
එසේම බංගලාදේශය සහ සිම්බාබ්වේ අතර තරගයද අවසානය තීරණය කළේ පන්දු රැකීමෙන්ය.තීරණය වෙනස් වෙන්නට ගියේ ද පන්දු රැකීම නිසාය.සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයට රැඟෙන එන්නට මුල් වූ ෂේන් විලියම්ස් සකීබ් අල් හසන්ගේ පන්දු රැකීම ඉදිරියේ දැවි නොයන්නට තීරණය වෙනකක් වන්නට බොහෝ දුරට ඉඩ තිබිණ.එසේම බංගලාදේශ කඩුලු රකින නුරුල් හසන් විසින් අවසාන කඩුල්ල දවා ගැනීමට පන්දුවකඩුල්ලට ඉදිරියෙන් ලබා ගැනීම නිසා කණ්ඩායම ක්‍රීඩා පිටියෙන් නික්ම ගිය පසුත් යළිත් තරගයට කැඳවූවේ ඒ ආකාරයෙන් පන්දුව ලබා ගැනීම නිපන්දුවක් වන නිසාය.ඒ නිසා අවසන් පන්දුවට ලකුණු 4 ක් අවශ්යයවීම දක්වා ජයග්රහණණයේ ඉලක්ක පටු වුව ද,ලකුණු අතර සිටි පිතිකරු රයන් බුලර්ට පන්දුවට පහරදීමේ අන්තයට ඒමට නොහැකි වන පරිදි මොසැඩක් හුසේන් පන්දු යැවූ නිසා ජයග්‍රහණය ලකුණු තුනකින් බංගලාදේශයට හිමි විණි.
තරගය පරාජය වුව ද ඉන්දියාව එම කොටසේ ලකුණු ලැබීම අතින් දෙවැනි තැන රැක ගෙන සිටියි.නමුත් ජයග්‍රහණ බංගලාදේශයේ මෙන්ම ඔවුන්ගේ ද සමාන බැවින් ඉදිරි තරග දෙපිළිටම තීරණාත්මකය.දකුණු අප්‍රිකාව එම කාණ්ඩයේ එකම අපරාජිත කණ්ඩායමය.ශ්‍රී ලංකාව සිටින කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම වන්නේ නවසීලන්තය ය.අද එම කාණ්ඩයේ තෙවන තැන සිටින අයර්ලන්තය සහ සිව්වන තැන සිටින ඕස්ට්‍රේලියාව ගැටෙන්නට නියමිතය.
ඡායාරූපයේ දැක්වෙන්නේ කෝලි විසින් උඩ පන්දුව අත හැරිය අවස්ථාවේ පන්දු යැවූ රවිචන්ද්‍ර අශ්වින් ඊට ප්‍රතිචාර දැක් වූ අයුරුයි
RM