ජනපති රනිල් ඊජීප්තුවට …

Date:

සිව්දින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොවැම්බර් 05 වනදා ඊජීප්තුව බලා පිටව යාමට නියමිත බව වාර්තා වේ.

ඒ, ලෝක දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ය.

නොවැම්බර් 06 වනදා ආරම්භ වන එම සමුළුවේදී වික්‍රමසිංහ මහතා විසින් දේශනයක් ද පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ මහතා නොවැම්බර් 10 වනදා යළි මෙරටට පැමිණීමට නියමිත බව සඳහන්.

මෙම නිල සංචාරය අතරතුර වික්‍රමසිංහ මහතා ඊජීප්තු ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින් පිරිසක් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය.

දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා ද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්වනු ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...