ඉන්දියාවේ ගුජරාටයේ පාලමක් කඩා වැටීමෙන් 140 කට අධික පිරිසක් මරුට! මිනිසුන් අතුරුදන්!!

Date:

ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ බිහිසුණු ලෙස මඟී පාලමක් කඩා වැටීම මත ජීවිත 141 ක් වත් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය ගිය පිරිස ක්‍රමක්‍රමයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම්කරන අතර, පුද්ගලයන් රැසක් අතුරුදන්ව ඇති බව ද වාර්තා වෙයි.

මිය ගිය පිරිස අතර බොහොමයක් කාන්තාවන්, දරුවන් හෝ වියපත් පුද්ගලයන් බවයි පොලීසිය පවසන්නේ.

මෙම කඩා වැටුණු පාලම නඩත්තුකටයුතු වලින් අනතුරුව යළි විවෘත කෙරුණේ මීට සතියකට ඉහත දී ය.

එළඹි දීවාලි උත්සවයට සමඟාමීව අධික ජනකායක් මෙම මඟී පාලම ඔස්සේ ගමන්කර ඇති අතර, මෙම බර දරා ගත නොහැකිව පාලම කඩා වැටෙන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

අඩි 754 දිග මෙම මඟි පාලම පිහිටා ඇත්තේ මච්චු ගංගාවට ඉහළින් වන අතර, එය ඉදිකර තිබෙන්නේ ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනය පැවති 19 වන සියවසේදී ය.

This is a developing story…

ඡායාරූප: AFP

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...