*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

පර්සි, පිරවිය නොහැකි හිස්තැනක්


පර්සි කියන්නෙ බ්‍රෑන්ඩ් එකකට.ලෝකෙ කොයි ක්‍රිකට් ක්‍රීඩකයත් ලංකාවෙ දන්න ක්‍රිකට් ගැන චරිත අතර පර්සිත් හිටියා. ඔහු නිකම්ම කොඩිය වනන්නෙක් නෙමෙයි. ඔහුට නො”වැනී ඉන්න තරමේ පළල් සමාජ දැණුමක් තිබුණා.ඒ නිසාම ඔහු කොන්ද කෙළින් තියාගෙන හිටගත්තා.සමහර කාලවල පර්සි වෙනුවට තමන්වම දිරිමත් කරන්නට දිරි ගන්වන්නො හදා ගත්තු මිනිස්සු හම්බ වුණා.ඒත් ලංකාව කියන රටට පර්සි දීලා තිබුණ තැන තනි පුද්ගලයන්ට වෙන් කරන්න ඔහුගේ හෘදයේ කපාටවලට ලේ ගැලුවෙ නැහැ.ඒ නිසා හදවත ටක්කෙටම ශ්‍රි ලංකාව වෙනුවෙන් ලබ්ඩබ් ගෑවා.


පර්සිගෙ ලංකාවෙකම හොඳට අනිත් ක්‍රීඩාවලදිත් දැණුන අවස්ථාවක් තමයි 2012 දී ලංකාවෙ තිබුණ ආසියානු නෙට්බෝල් සූරතාවලිය.ඒ මොහොතට පර්සි ජාතික කොඩිය අරගෙන ඇවිත් ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගන්වන්න කටයුතු කළා.
පර්සි සමහර රටවලදි ප්‍රතිවාදි කණ්ඩායමවලට වදයක් වුණා.ඒ ඔහු සම්ප්‍රදායන් අභිබවා ගිහිං කණ්ඩායම දිරි ගැන් වූ සමහර අවස්ථා ප්‍රතිවාදි කණ්ඩායම්වලට 12 දෙනෙක් එක්ක ක්‍රීඩා කිරීමක් තරමට තදින් දැණුනා.එවැනි අවස්ථාවලදි පොලිසිය පවා මැදිහත්ව පර්සිව නවත්වන්න හදපු අවස්ථා තිබුණා.නමුත් ඔහු ඒ සියල්ල මැඬගෙන තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී හිටියා.එය නෛතික බව තහවුරු කරන්න ශක්තිමත් වුණා.


පර්සි හොඳ අධ්‍යාපන පසුබිමක් සමඟ වැඩ කළ අයෙක්.එසේම ඔහු හොඳ හදාරන්නෙක්.ක්‍රික්ට් ක්‍රීඩකයන් ගැන මෙන්ම විවිධ වූ ක්‍රිකට් ජාතිකයන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් සම්බන්ධයෙන් ද පර්සිට තිබුණෙ මනා අවබෝධයක්.මොහොමඩ් අසාරුදීන් පළමු වරට ශ්‍රී ලංකාවට එන මොහොතෙ ඔහු හිටියෙ ලෝක වාර්තාලාභි ප්‍රවේශයක් ලබාගෙන.එහෙත් පර්සි ඔහු පන්දුවට පහර දෙන්න යන විට මතුරන ස්වභාවයකින් කටයුතු කළා.එයින් මානසික විශ්වාසය සහ එකාග්‍රතාවය කඩා වැටුණු අසාරුදින් එම සංචාරය පුරා අසාර්ථක පිතිකරුවෙක් බවට පත් වුණා.


පර්සි අබේසේකරට ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියටත් ඉතිහාසයක් තියෙනවා.ඔහු ගාල්ල ශාන්ත අලෝසියස් විද්‍යාලීය දෙවන පෙළ කණ්ඩායම වගේම ඩේලි නිව්ස් කුසලාන තරගාවලියට ඇක්වනයිස් විශ්ව විද්‍යාල කණ්ඩායමත් නියෝජනය කළ ක්‍රිඩකයෙක්.ඒඑම්ඩබ්ලිව් ආයතනයේ පළමු ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දෙමින් යම් යම් ජයග්‍රහණ අත් කර දෙන්නටත් ඔහුට හැකි වී තිබෙනවා.


වරක් මිය ගිය මාටින් ක්‍රෝ ශ්‍රී ලංකාවේදී තරගවලට මුහුණ දෙන්නට සහ ජය ගන්නට අපහසු එක කාර්යයක් හැටියට පර්සිගේ ක්‍රියා කළාපය නම් කරන්නට තරම් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට දුන්න ශක්තිය ප්‍රතිවාදීන්ට බලපෑවා.ඒ තරමටම පර්සිගේ ක්‍රියා කළාපයේ අවංකකම මෙන්ම මහත්මා ගුණයන්ට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් ගරු කළා.සමහර විට ඔහු වැන්නෙක් ඉන්දියාව සතු වූවානම් මීට වඩා රාජ්‍ය මැදිහත්වීමකින් ඔහුව රැක බලා ගන්නට තිබුණා.මන්ද ඔහු ක්‍රිකට් දිරි ගන්වනනෙක්ව ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල අභිමානය වෙනුවෙන් සමීප වී ඇති තරම් ලෝකයේ කිසිම ක්‍රිඩාවක දිරි ගන්වන්නෙක්ට සමීප විය නොහැකි වී තිබෙනු බව සිතිය හැකියි.


ලංකාවේ ඇති වූ ජනවාර්ගික යුද්ධයේ එක්තරා කාලකණ්නි සළකුණක් බවට අනිවාර්යෙන් නම් කළ හැකි,ලංකාවේ සාමාන්‍ය මිනිසුන් ත්‍රස්තවාදී සහ ජාතිවාදී ස්වරූපයකින් වැඩ කටයුතු කළ 83 කළු ජූලිය අවස්ථාවේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පස් පාගන්නට නොලැබෙන අවස්ථාවක් ඇති වෙන්නට තිබුණා.පර්සි අබේසේකරනම් මේ විශිෂ්ඨයා නොවන්නට ඒ ජාතිවාදි මෘගයන්ගේ ඉවක් බවක් නැති හැසිරීම්වලට ශ්‍රිමත් ගාෆිල්ඩ් සෝබර්ස්ගේ ජිවිතය ද බිලිවන්නට තිබුණා.

රෝහිත් ෂර්මා පර්සිගේ සුව දුක් බැලීමට ගිය මොහොත.
https://twitter.com/i/status/1700109932320997701


සම්පූරුණයෙන්ම පාහේ හැම තැනකම ජාතිය සම්බන්ධ ආදරයක් පෙන්වමින් හැසිරුණ මුග්ධ මෘගයන් දේපළ කොල්ලකෑම සහ ඒවා සාක්ෂි බවට පත්වීම පිණිස මිනිමැරීම්වල යෙදුණා.අදටත් මේ ප්‍රචණ්ඩත්වයේ පියවරක් හැටියට කොළඹ තදාසන්න ප්‍රදේශවල ව්‍යාපාරි විනාශවීම මෙන්ම හතු පිපෙන්නාක් මෙන් 83 න් පමණ පසුව අලුත් ව්‍යාපාරිකයන් නිර්මාණය වීම ප්‍රසිද්ධ රහසක් හැටියට සමාජයේ පවතින දෙයක්.
මේ මෘග ක්‍රියාවන්ට ඒ මොහොතේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කරා යමින් සිටි ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබරස් ද හසු වෙනවා.නමුත් ක්‍රිකට් ආයතනයට විශේෂ ආරක්ෂාවක් තබා අති සුඛෝපභොගී වාහනයක් හෝ සපයන්නට නොමැති තත්ත්වයක සිටි ඒ අවදියේ එම වාහනයට කුමන හෝ වාසනාවකට පර්සිට ද ගොඩ වෙනන්ට ආරාධනාවක් සමඟ අවස්ථාවක් හිමි වෙනවා.පර්සි වැනි උමතු ක්‍රිකට් ප්‍රේමියෙකුට ලොව බිහි වූ සුවිශිෂඨ ක්‍රිකට් ක්‍රිඩකයෙකු වන සර් ගාෆිළ්ඩ් සෝබරස් සමඟ ගත කරන්නට ලැබෙන දීර්ඝ කාලය පලස්තීන ඊහ්‍රායල් යුද පිටිය මැදින් ගමන් කිරීමට ලැබුණ අවස්ථාවක් වුව අත හරියි කියා සිතිය හැකිද?


පර්සි ඒ ගමණට ඉතා කැමත්තෙන් එක් වෙනවා.මේ තරම් පළල් නැති මාධ්‍ය වපසරියක මංකොල්ලකෑම සඳහා කරන මිනීමැරුම්වල රහට වශි වී සිටින උන් ගාෆිල්ඩ් සෝබර්ස්ගේ රූප කාය හඳුනන්නට,කියවන්න තියෙන සීමිත ඉඩ භාවිතයට නොගන්නා බැවින් ඔවුන්ට පෙණුනේ තවත් මංකොල්ලයකට ලැබුණ සුවිශේෂි අවස්ථාවක් හැටියටයි.නමුත් ඒ වන විටත් ලංකාවේ ක්‍රිකට් තරමටම කොළඹ ක්‍රිකට් පිට්ටනිවල ධජය රැඟෙන ක්‍රිකට් දිරි ගන්වන්නෙක් ලෙස ප්‍රකටව සිටි පර්සිව ඔවුන් දැන සිටියා.එ නිසා පර්සිගේ මැදිහත්වීම ඉදිරියේ ස්ර් ගාෆිල්ඩ් සෝබර්ස් එදා ශ්‍රී ලංකාවට සදාකාලීක කළු පැල්ලමක් වෙන්නට තිබුණ මරණයකින් බේරා ගන්න පර්සි සමත් වෙනවා.


ගාල්ලෙ පර්සි කෝච්චියේ කොළඹ පැනීම පාසල් අවදියේ සිටම හුරුවන්නේ ක්‍රිකට් රසයට වහ වැටුණ බැවින්.ඔහු ඉතාම විමසීමක් සහ කැපවීමක් කළ ක්‍රිකට් රසිකයෙක්.ඒ නිසාම ඔහුට ක්‍රිකට් ගැන කතා කරන්නට තිබුණ දැණුම සුවිශාලයි.ඒ දැණුම නිසාම ඔහුට ලෝක ක්‍රිකට් ප්‍රජාව අතර බියක් මෙන්ම ගෞරවයකුත් තිබුණා.ඉතාම මෑත කාලයේ ආසියානු කුසලානය ක්‍රියාත්මක වූ මොහොතේ දී ඉන්දිය නායක රෝහිත් ෂර්මා වැන්නන් පර්සි අබේසේකරව මුණ ගැසෙන්නට ඔහුගේ නිවසටම යන්නේ එබැවින්.
මෑත කාලයේ පර්සි වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ද සෑහෙන දායකත්වයක් දැක් වූවා.පවුල සමඟ දැඩි බැදීමක් ක්‍රිකට් බැදීම සමඟ සමබරව පවත්වාගෙන ගිය පර්සි අබේසේකර සහ ඔහුගේ ප්‍රිය බිරිඳ අතර තිබුණේ අතිශයින් සුන්දර බැදීමක්.පර්සි ඒ ආදරය තමාව දමා ගිය පසු දැඩිව තැවුණා.ඒ හුදෙකලාව විඳින්නට ලැබුණා.ඔහු එයට කීවේ ජීවිතය වෙනස් වුණා යනුවෙන්.


පර්සි අංකල් කොහොමද ජීවිතය
මීට වසර දෙකකටත් එහා දවසක අපේ අන්තිම සජීවි හමුවෙදී මා ඇසූ පැනයට ඔහු කිවේ වෙනස්වීම සිය ප්‍රිය බිරිඳගේ වියෝවෙන් ඇරඹුණු බවය.සමහර විට ඔහු ගත කළ විනෝදකාමි ජීවිතය හමුවේ නොදැණුන තනිකම ඔහු ක්‍රිකට් සමඟ සිට පැමිණෙන හැමවිටම තමන් වෙනුවෙන් ආදරය දෙන්නට සිටි බිරිඳගේ වියෝවෙන් පසුව පර්සිට තදින් දැනෙන්නට වූ බව නිසැකය.


පර්සිගේ ක්‍රිකට් පවුලට වැඳෙන විට එය දරා ගන්නට අනුබල දෙන්නට ඇන්ටි මෙලනිට තිබූ ඉවසීම සහ කැපවීම ද පර්සිගේ සාර්ථක ක්‍රිකට් රසිකයාගේ භූමිකාවේ අගය කළ යුතු ඇත්තක්ය.සම්පත් සහ නදීශා වූ දූ පුතුන් දෙදෙනාගෙන් සම්පත්ගේ නම අගට ගාෆිල්ඩ් කෑල්ලක් යෙදෙන්නේ ද පර්සිට ස්ර් සෝබර්ස් සම්බන්ධයෙන් තිබූ ආදරය සහ ගෞරවයේ කොටසක් හැටියටය.
ඒ අපේ අවසන් හමුවේදි මගේ “ස්පෝර්ට්ස් කවි” නම් වූ ලංකාවේ ක්‍රීඩාව ඇසුරේ කළ ග්‍රන්ථය සම්මානයට පත් වුණු මොහොත උදා වී තිබුණා.ඒ කවි පොත ක්‍රීඩාව සම්බන්ධ ශ්‍රී ලංකාවේ විවිධ කේෂත්‍රවල ප්‍රවීනයන් සම්බන්ධයෙන් ලියැවි එකක් වූ අතර ඒ වන විට පර්සි අබේසේකරයන් ගැන ද එහි ඇති බව ඔහු දැන සිටියේ රන්ජන් පරණවිතානයන් දුන් ඔත්තුවකට අනුවයි.සාමාන්‍යයෙන් කුමක්දෝ හේතුවකට කුමන හෝ ප්‍රසිද්ධ පුද්ගලයෙක් හමු වූ විට සෙල්ෆි ගැනීමේ පුරුද්දට මා මැලි බැවින්,පර්සි අංකල් ඒ කතාව කියූ මොහොතේ හෝ මට ඔහු සමඟ පිංතූරයක් ගන්නට උවමනාවක් නොපැමිණියේ පුරුද්දටය.නමුත් මේ ලොවම දන්නා ක්‍රිකට් දැවන්තයාට තමා ගැන කවි ලියූ මා සමඟ ඡායාරූපයක් අවශ්‍යය විය.පර්සිගේ ඒ නිහතමානීත්වය විසින් ඉතිරි කළ,අරවින්ද රත්නායකගේ කාචයේ සිත්තම් වුණ ඡායාරූපයත් මේ සමඟ එකතු කරන්නට හැකි වුණේ ඒ නිසයි.
පර්සි ලංකාවට නොවන ලෝකයට ක්‍රිකට් දිරිගන්වන්නාගේ භූමිකාවේ පරමාදර්ශයක්. ඔහු අනුකරණය කරන පසු පෙළක් ක්‍රිකට් දිරි ගන්වන්නන් හැටියට තැනුව මිනිසෙක්.ලෝක ප්‍රකට ක්‍රිකට් දිරි ගන්වන්නෙක් වන පකිස්තානයේ සූෆි අබ්දූල් ජලීල් පවසන්නේ “ මං කැමති පර්සි වගෙ වෙන්න” යනුවෙන්ය.ඒ කතාවෙම පර්සි වගෙ වෙන්න ඇති උවමනාව මෙන්ම අපහසුව ද කියවෙන්නේය.ඊට පර්සිගේ අධ්‍යාපනය,ක්‍රිකට් ක්‍රීඩාවෙන් උපයාගත් තැන්පත් දැණුම ආදී සියල්ල විසින් එකතු කරන ලද නිර්මාණශීලී අදහස් සහ ක්‍රියාකාරකම් බල පෑ බව විශ්වාසය.
මේ අපූරු පර්සි අංකල් ආයෙ දවසක එන්නෙ නැහැ.හැබැයි ඔහු අපේ හිත්වල තැබූ මතක අප ජීවත්වන තුරු හිතෙන් යන්නෙත් නැහැ.ඇත්ත ඒකයි.නමුත් කොච්චර තදින් අපේ හිත්වල ආදරය අල්ලාගෙන සිටියත් ඒ කිසිවකින් මිනිසෙක් ජීවිතයෙන් නික්ම යාම නවත්තන්නට නොහැකියි.ඒකත් ඇත්ත.ඒ නිසා පර්සි අබේසේකර ඉතාමත් ගරු කටයුතු මතකයක් අපේ හිත්වල ඉතිරිකර නික්ම යන මොහොතේ සුබ ගමන් කියා පහසුවෙන් කිව නොහැකියි.එහෙත් කීමට ඇත්තේ එයමයි.ඔබ පිරිය නොහැකි හිස් තැනක්.
පර්සි අංකල් සුබ ගමන්!


එහෙත් මේ සමුදීම දිය නොහැකි අනාගතයට ඉතිරිකළ යුතු මතකවලින් පිරුණ එකක්.හැකිනම් පර්සි වෙනුවෙන් වෙනම ඉඩක් ක්‍රිකට් කෞතුකාගාරයේ වෙන් කිරීම වටිනවා.ඒ වගේම ඔහු විසින් ඉතිරි කර ඇති සමරු වේනම්,ඔහු ක්‍රිකට් වෙනුවෙන් කළ කැපකිරීම්වලදී, ඔහු පවුලට කළ යුතුව තිබූ කැපවීම්වල හිඟ පාඩුවලින් සමහර විට පීඩාවට පත්වන්නට ඇති ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පිළිගත හැකි වටිනාකමක් එකතු කර, ඒ අසීමිත සහ අමිල වටිනාකමෙන් යුත් පර්සිගේ සිහිවටන සහ භාවිතයට ගත් ධජ සඳහා ක්‍රිකට් කෞතුකාගාරයේ ඉඩක් වෙන් වේනම්,මේ සොඳුරු මිනිසා මතු පරපුරත් ආදරයෙන් ස්පර්ශ කරනු ඇත.

දිරි ගැන්වීම සළකනු මැන කලාවක්
තනියෙන් එයට දී විසිතුරු රටාවක්
රට රට පතළ පරසිඳු රස ගුලාවක්
පිටියේ ක්‍රිකට් ඔහු වෙනමම කතාවක්

තරු පිරි ක්‍රිකට් අහසම පොළවට නැමෙන
‘පර්සි’යි කියා දෑතින් අල්ලා දොඩන
තරු මංඩලේ බැටරිය ඔහු ඔප දමන
ඔහු නැති දාක දැනෙනවා තරුවක් නිවුන

ස්පෝර්ට්ස් kavi ග්‍රන්ථයෙනි.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan