ලෝක බැංකු නියෝජිත පිරිස මෙරට ක්ෂේත්‍ර චාරිකාවක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාව තුළ වියළි කලාපයේ “දේශගුණික සුහුරු වාරි කෘෂිකර්මාන්තය” ප්‍රවර්ධනය පිළිබඳ සොයා බැලීමට ලෝක බැංකු නියෝජිත පිරිස ක්ෂේත්‍ර චාරිකාවක නිරත වී ඇති බව වාර්තා වේ.

ඒ සඳහා ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ඇනා බ්යාර්ඩේ (Anna Bjerde) මහත්මිය සහ දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser) මහතා ඇතුළු නියෝජිත පිරිසක් අනුරාධපුර, තිරප්පනේ පිහිටි දේශගුණික සුහුරු ගොවි පුහුණු පාසලේ (FTS) ක්ෂේත්‍ර චාරිකාවකට එක්ව තිබුණි.

දේශගුණික සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ (Climate Smart Irrigated Agriculture Project -CSIAP) ප්‍රගතිය විමසා බැලීම මෙම සංචාරයේ අරමුණ බවද සඳහන් වේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ, මාන්නම්කුලම ගම්මානයේ “දේශගුණික සුහුරු ගොවි පුහුණු පාසල” නමින් ගොවි පුහුණු පාසලක් පිහිටුවීමට දේශගුණික සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ පියවර ගෙන ඇති අතර, ඒ තුළින් දේශගුණික සුහුරු කෘෂිකර්මය භාවිතයන් සහ අති නවීන කෘෂිකාර්මික තාක්ෂණයන් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ගොවීන් වෙත ලබාදීම මෙම ගොවි පුහුණු පාසල මඟින් සිදු කරනු ලබයි.

මිට අමතරව ලෝක බැංකු ආධාර මත කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ අපනයනය ඉලක්ක කර ගත් රාජාංගනය ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමටද නියෝජිත පිරිස එක්වූ බව වාර්තා වේ.



රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...