*
Friday, October 4, 2024
spot_img

Latest Posts

අස්වැසුමට සතියක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නොවැම්බර් 06 වැනිදා සිට 11 වැනිදා දක්වා අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ‍පවතින ගැටලු විසඳීමට ‘අස්වැසුම සතියක්’ ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ, අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම් ලබා ඇති නමුත්, මෙතෙක් ප්‍රතිලාභ ලැබී නොමැති පවුල් මෙන්ම තාක්ෂණික ගැටලු හේතුවෙන් ප්‍රතිලාභ ප්‍රමාද වී ඇති පවුල් සඳහා කඩිනමින් ප්‍රතිලාභ ලබාදීමට මෙමඟින් හැකිවන බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා සියළුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල එක්ව මෙම සතිය තුළදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගැටළු විසඳීමට අපේක්ෂා කෙරෙන බව සඳහන් වේ.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ජූලි මාසය සඳහා සියලුම ගෙවීම් අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවා ඇති අතර , අගෝස්තු මාසය සඳහා ගෙවීම් කටයුතු ලබන බදාදා සිට ආරම්භ කරන බවයි.

තවද, මෙය කිසිසේත්ම ලබන වසර සඳහා අස්වැසුම ප්‍රතිලාභීන් තොරාගනු ලබන අයදුම්පත් කැඳවීමක් නොවන අතර , මේ පිළිබඳව සුබසාධක මණ්ඩලය විසින් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කිරිමට කටයුතු කරමින් සිටින බවද, ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වසරේ තෝරාගෙන ඇති ප්‍රතිලාභීන්ට තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීමෙන් පසු ලබන වසර සඳහා අයදුම්පත් කැඳවීමට සුබසාධක මණ්ඩලයට හැකියාව ලැබෙන බව සඳහන්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan