*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වූ අයට වැඩ වරදියි. රට පනින්නත් බැහැ.!

කොළඹ LNW:ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලෝබියුලින් එන්නත් කුප්පි විසි දෙදහස් පන්සියක් මෙරට ගෙන ඒමේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

එම විදෙස් ගමන් තහනම පැනවී ඇති තිදෙනාගෙන් එක් අයෙකු වන්නේ අදාළ ඖෂධය මෙරටට ගෙන්වූ බව කියන දේශීය සමාගමේ හිමිකරු වන අතර අනෙක් දෙදෙනා රාජ්‍ය නිළධාරීන් වේ.

ඉන් එක් අයෙකු වන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර ය.

අනෙක් තැනැත්තා වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක යන අයයි.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් මෙරටට ගෙන්වීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් රටින් පලා යාමේ සූදානමක් ඇති බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු දැක් වූ අතර ඒ අනුව අධිකරණය අදාල පුද්ගලයන් තිදෙනාට එරෙහිව මෙකී විදෙස් ගමන් තහනම පනවා ඇත.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan