සටන් විරාම එපා. මේ යුද්ධය සඳහා හොඳම කාලයයි – ඊශ්‍රායල අගමැති

Date:

කොළඹ LNW:හමාස් සංවිධානය සමඟ සටන් විරාමයකට කිසිදු සූදානමක් නොමැති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු යළි අවධාරණය කරයි.

මෙය හමාස් සංවිධානය සමඟ යුද්ධය සදහා කාලය වන බවයි අගමැති නෙතන්යාහු පවසන්නේ.

සටන් විරාමයක් ඇතිවන්නේ හමාස් සංවිධානය ආයුධ බිම තබා යටත් වුවහොත් පමණක් වන බවද ඔහු කියා තිබේ.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටින්නේ සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර මානුෂීය ආධාර ලබාදීම සදහා ඉඩ ලබාදෙන ලෙසයි.

මේ අතර යුනිසෙෆ් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ පැයෙන් පැය ගාසා දරුවන්ගේ ජීවිත අනතුරට ලක්වන බවයි.

ගාසා තීරයේ මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ මළ සිරුරු ගබඩා කිරීමට හා මිහිදන් කිරීමට අපහසු තත්ත්වයක් ඇතිව තිබෙන බවත් මේ වන විට ඇතැම් සිරුරු ගබඩා කර ඇත්තේ අයිස්ක්‍රීම් ට්‍රක් රථවල බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මේ වන විට හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් තුන්දෙනෙකුගේ වීඩියෝපටයක් නිකුත් කිරීමට ද පියවර ගෙන තිබේ.

එය අමානුෂීය අරමුණු ඉලක්ක කර ගනිමින් සිදුකෙරෙන්නක් බවට ඊශ්‍රායල බලධාරීන් චෝදනා කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...