ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇත.

අද (31) දින සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග අමාත්‍යවරයා පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී මෙම පත්වීම ප්‍රදානය කර තිබේ.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා , මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරනු ලබන අතර , 1992 වර්ෂයේ දී රාජ්‍ය සේවයට එක්ව වර්ෂ 2000 දී විශේෂඥ වෛද්‍යවරයෙකු බවට පත්ව ඇත.



රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම විභාගයට දින නියම වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න...

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...