මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා වූ ක්‍රීඩකයා මෙන්ම එය සැබවින්ම හිමි විය යුතුව තිබූ අයෝමාල් අකලංක යන දෙදෙනාම රටට අතිශයින් වැදගත් ක්‍රීඩකයින් දෙපළකි.නමුත් එම දෙපළ අතර ගතවන මොහොතේ වඩා දක්ෂයා ඇගයීම වැදගත් වන්නේ ඔවුන්ට ඊ ළඟ තත්පරයේ ඇති වන තරගකාරීත්වය නිසා වඩා හොඳ ප්‍රතිපල පෙන්වීමට පෙළඹීමය.උදාහරණයකට තුන්පිම්ම ඉසව්වට දක්ෂතම ක්‍රීඩකයා වූ ක්‍රීඩකයා ඔහුගේ පෞද්ගලික දක්ෂතාවය වූ යීටර් 16.19 වාර්තා කළ බව සිතන්න.එවැනි තත්ත්වයකදී අයෝමාල් අකලංක වාර්තා කළ කාලය වූ තත්පර 51.11 කාලයට දක්ෂතම ක්‍රීඩකයා ලබා දුන්නේනම් අප සිටගන්නේ තුන් පිම්ම ක්‍රීඩකයාගේ පැත්තේය.
ක්‍රීඩාවේ ඉදිරි ගමන වෙනුවෙන් සිඳුවිය යුත්තේ ද එයමය.නමුත් දැන් සිඳුවෙමින් තිබෙන්නෙ එම තීරණයට දායක වී ඇති පිරිස විවිධ දේ කියමින් තමන්ගේ වරද වසා ගැනීමට පෙනී සිටීමය.අප විසින් මීට ඉහත ලියන ලද ලිපි දෙකටම අඩුම තරමේ තාක්ෂණික පිළිතුරක් දීමට ඔවුන් සූදානම් නැත.එම තේරීම්වල යම් නෛතික පදනමක් ඇත්නම් එය අප තබන සටහන වෙත පිළිතුරුක් ලෙස යොමු කරහොත් එය ඒ ආකාරයෙන්ම පළ කරනු පුවත්පතක මෙන් නිවැරදි කිරීමේ ප්‍රවෘත්තිය මුද්දර ඉඩක ඔබා තබන්නේ නැත.එම තේරීම් වැරදි බව කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ වාර්තාකරු ලෙස වැඩ කරන සහ දැනට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන ඉදිරිපත් කරන තොරතුරු අනුවය.
මා දන්නා පරිදි දැනට සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ වාර්තා පොත සැකසීමේදී ගත් තීරණය වැරදි බව පෙන්වා දී එහි වාර්තාවන් උසස් ලෙස පවත්වාගෙන යමින් දක්ෂතා ඉහළ නැංවීමට අවශ්‍යය පෙළඹීම ඒ හරහා ඇති කරන්නට මුල් වී ඇත්තේ ද සමන් කුමාර ගුණවර්ධනය.දැන් ඉහත සටහන් දෙකටම පදනම් වූ කරුණු අනුව ලිඛිත පිළිතුරක් නොඳුන්න ද,වාචිකව පාසල් මලල ක්‍රීඩාව හා බැඳි අය කියනාකාරයට සාමාන්‍යයෙන් කඩුලු ඉසව්වක දක්ෂතම මලල ක්‍රිඩකයා පිරිනමන්නේ විවෘත උස මට්ටමේ ධාවනයකදී ය.එසේම එදිනම මේ ගැන කතා කරද්දී එම තේරීමට සම්බන්ධව සිටි නිලධාරියෙක් පැවසුවේ පහල වයසක කෙනෙක් වීසිකිරීමේදී ජාතික වාර්තාවේ දුර දමල ඇරියොත් යන වචනයය.ප්‍රශ්නාර්ථයෙන් කී එම කතාවට මගෙ පිළිතුර දක්ෂ ක්‍රිඩකයා දිය යුතු බව සහ ජාතික වාර්තාව නොවන්නේ වැඩි බරකින් වීසි කර ජාතික වාර්තාව තබා තිබෙන බැවින්ය.
මේ තත්ත්වය දැන් ලිහා ගත යුතුව ඇත.කඩුල්ලේ උස අඩුවීම සහ වීසිකිරීම් උපකරණවල බර අඩු වීම සිඳුවන්නේ වයසෙන් පහළ මට්ටමක ක්‍රීඩකයන්ටය.ඒ අඩුවීම නිසා ජාතික වාර්තා තැබීමට නොහැකි වීම බරට අදාළ වුවත්,එය ජාත්‍යන්තර මලල ක්‍රීඩා ලකුණු සටහනට අනනුකූල නොවේය යන තර්කයේ අපි සිටින්නෙමු.සමන් කුමාරයන් ද සිය අත්දැකීම් සහ දැනුමෙන් කියන්නෙ එ බවය.මේ තේරීම ගැන ඉදිරිපත් කරන තර්කය හරියට ලාබාල කඩුලු පනින්නන් සහ වීසි කරන්නන් කිරෙන් බාල වී තිබෙන බව පෙන්වීමක් නොවන්නේද? එසේනම් අයෝමාල් අකලංකට එම ඉසව්වේ ලකුණු අහිමි විය යුතුය.ජාත්‍යන්තර ලකුණු සටහනේ විවෘත නොවන උසවල් දක්ෂතා නිරීක්ෂණය කිරීමට ගණනය නොකරන්නේනම් කඩුලු පැනීමේ ඉසව්වේදී ඔහු හෝ ඇය දක්වන දස්කම් සඳහා ජාත්‍යන්තර ලකුණු සටහනේ ලකුණු හිමි නැත.තර්කය අනුව විය යුත්තේ එය නොවේද?නමුත් අයෝමාල් අකලංකට එම ලකුණු සටහනෙන්ම ලකුණු දී අවුරුදු 18 න් පහළ දක්ෂතම ක්‍රිඩකයා කරද්දී එම ලකුණු වලංගුවීම උභතෝකෝටිකය.
අවුරුදු 18 න් පහළ ලකුණු දීමේදී එම දක්ෂතාවයට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ලකුණු හිමිවීම සහ සමස්ත උළෙලේ දක්ෂතයා සෙවීමේදී එම ලකුණු හිමි නොවීම ගැටළුකාරී නැද්ද?එය එසේ විය යුතුය යන්න කොතැනක හො ඇත්නම් කිව යුතුය.ඉතාම දුෂ්කර තත්ත්වයක මේ ක්‍රීඩා උළෙල ඉහළින් පවත්වන්නට නායකත්වය දුන් උපාලි අමරතුංග මහතා ඒ සම්බන්ධයෙන් පිළිතුරක් දිය යුතු අතර ඔහු මලල ක්‍රීඩා අධ්‍යක්ෂ නොවන බැවින් මේ තීරණය පිටුපස සිටි වගකීම පැවරුණු නිලධාරි ඔහුට එහි ඇති සාධාරණත්වය සහ නෛතික තත්ත්වයත් පැහැදිළි කර දිය යුතුය.කේෂ්ත්‍රය සම්බන්ධයෙන් උනන්දු සියලු දෙනා එහි තියෙන තාක්ෂණික පසුබිම ගැන දැන සිටීම වැදගත් බැවින්,ඒක අපි විතරයි දන්නෙ,අනිත් අයට වැඩක් නැහැ අපි කියන දේ භාරගන්න වැනි පිළිතුරක් මේ සම්බන්ධතාවයේ නිහඬබව කියා පාන්නේය.ඒ නිහඬතාවය දැනුම පෙන්වන දෙයක් නොවන අතර අප විසින් දැනුම අපේක්ෂාවෙන් නඟන ප්‍රශ්නවලට පිළිතුරු දී මේ සදහන් කරුණු ගුරු මුෂ්ඨියකින් තොරව නිවැරදි කිරීමට අවශ්‍යය වන්නේය.ඒ අතරට කඩුලු පැනීමට ජාත්‍යන්තර ලකුණු සටහනේ දෙන ලකුණු සමස්ත සූරතාවයට ගණන් ගන්නේ නැත්තේ එහි බාලකමක් ඇති නිසානම්,වයස් කාණ්ඩ ගත්විට ද එම තත්ත්වය අදාළ විය යුතු අතර එසේ අදාළ නොවන්නේ ඇයි?කඩුලු පැනීමට විතරක් මේ තත්ත්වය අදාළ වී වීසිකිරීමේ ඉසව් සඳහා අදාළ නොවන්නේ ඇයි?අදාළ වන්නේනම් අවුරුදු 16 න් පහළ කවපෙත්ත පිරිමි වීසි කිරීමේ ඉසව්වේ ජයග්‍රාහකයා උළෙලේ හොඳම වීසිකිරීමේ සම්මානය ලබා ගත්තේ කෙසේද? (අපි ඔහුට එය ලැබීම ගැන ඉමහත් සේ සතුටු වන අතර ඔහු අනාගත මලල ක්‍රීඩාවට ඉහළ සම්පතක් බව ද විශ්වාස කරන්නෙමු.)අප දන්නා පරිදි මෙම තේරීම්වලට සම්බන්ධ අය කියන පරිදි විවෘත කඩුලුවල උස පමණක් දක්ෂථම ක්‍රීඩකයාට සළකා බලන්නේනම් එය අදාළ වන්නේ මීටර් 400 කඩුලු ඉසව්වට පමණද?තව දුරටත් අප දන්නා ආකාරයට මිටර් 400 කඩුලු අවුරුදු 20 න් පහළ ඉසව්වේදී පමණක් කඩුලු පැනීමේ ඉසව්වල වීවෘත සේ සළකන උස භාවිතා වන අතර අවුරුදු 20 න් පහළ ඉසව්වේදී ද භාවිතා වන්නේ මීටර් 110 කඩුලු ඉසව්වේදී විවෘත උස නොවේය.
එහෙත් 2022 වසරේ දක්ෂතම ක්‍රීඩකයා මීටර් 110 කඩුලු ඉසව්වට දක්ෂතම ක්‍රීඩකයා සම්මානය පිරිනැමීට කටයුතු කළා නොවේද?එසේනම් ඉන් අනතුරුව අවුරුදු 20 න් පහළ මීටර් 400 කඩුලු ඉසව්ව නියෝජනය කළ ක්‍රීඩකයා ලකුණු සටහනේ සිටිය අතර දක්ෂතම ක්‍රීඩකයා ඔහු විය යුතු නොවේද?මීටර් 400 කඩුලු ඉසව්ව සමඟ කුමන හෝ අර්බූදයක් ඇති නිසා මේ ආකාරයට වෙනස් තීරණ ගන්නේ ද,නැතිනම් මේ ක්‍රිඩකයන් දෙදෙනාම අඹගමුවේ නිසා මේ තේරීම් ප්‍රමිතිය වෙනස් වන්නේ ද කියා මතුවන ගැටළුවේදී අප විශ්වාස කරන්නේ ඒ එකක්වත් නොව වැරදි දර්ශක මත සිට කාගේ හෝ වැරදි උපදේශයකට ගත් තීරණයක් නිසා ක්‍රීඩාවට හානියක් වූ බවය.මේවා අපරාධ වන්නේ එයින් ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් සිය වෙහෙසීම සහ කැපවීම අත් හැර දමන බැවින්ය.
එසේ නොවී මේ තීරණය පැහැදිළි තත්තවයකින් ගත්තේ නම් ඊට හේතු මේ සමාජය තුළ කැළඹීමක් ඇති වීම වැළක්වීමට වෙනුවෙන් ඉදිරිපත් කළ යුතු නොවේද?රටට ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමේ වගකීමේ විශාල වගකිමක් ඇත්තේ පාසල් පද්ධතියටය.එහි නියමුවෝ සමාජයට මේ දේවල් දැනුවත් කිරීම පැහැර හැරිය නොහැකිය.ඒ නිසා අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයාගෙන් අප ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් ඔබ විසින් වගකීම පැවරූ නිලධාරීන් දක්වන හේතු ඉදිරිපත් කරන ලෙසය.අඩුම තරමේ මීටර් 400 කඩුලු ඉසව්ව පමණක් අඩු උස කඩුුලු ඉසව්වලදී දක්ෂතම ක්‍රීඩකයා ලෙස තෝරා ගැනීමේ කාර්යයට නොසළකා හරින බව ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇද්ද?එසේනම් ඊට දක්වා තිබෙන හේතු කවරේද?2022 උළෙල සහ මේ වසර ගත් විට ඉතාම පැහැදීළිවම පෙනෙන්නට තියෙන තර්කය වන්නේ එම ඉසව්වට පමණක් බාධා ඇති බව වන්නේ විවෘත උස නොවන උසකින් ඉකුත් වසරේ මීටර් 110 කඩුලු ඉසව්ව නිමා කළ ක්‍රිඩකයා දක්ෂතම ක්‍රිඩකයා වී ඇති බවය.මේ සම්බන්ධයෙන් අප දක්වා ඇති උදාහරණ 2022 සහ 2023 වසරවල සමස්ත ලංකා මලල ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණ පිළිබද දත්ත සහ ඒවා සළකා බලා අගය කළ අයුරු සඳහන් නිල ලියවිල්වලින්ම උකහාගෙන ඇත.අපට මෙම සටහනේදී ප්‍රශ්න කිරීමට උපකාරී කර ගන්නේ එම දෙවසර තුළ මලල ක්‍රීඩා වාර්තා සහ මලල ක්‍රීඩා ඉසව්වල ප්‍රතිපලය.ගැටළුව සංකීරණව දැනෙන්නේ ද ඒවායෙ ඇති පරස්පර ක්‍රියාකාරකම් නිසාය.
ඒ නිසා කරුණාකර අප ද පාඨක සමාජය ද දැනුවත් කරන ලෙස අපි නැවතත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටිමු.මහත් වෙහෙසකින් උළෙල සංවිධානය කළ උපාලි අමරතුංග අධ්‍යක්ෂවරයා මේ උළෙල සම්බන්ධයෙන් යම් යම් සිඳුවීම් අරභයා පෞද්ගලිකව කියූ කතාවක් ඇත.ඒ පිට අතගාන වන විට හීතලට දැනෙනවානම් ඒ ස්පර්ශයේ සිසිල නොවී, සියුම් සැතක් ආදරණිය වේශයකින් පිට දිගේ ඇඳගෙන යනවා ද විය හැකිය.එසේම කවුරුන් හෝ තබන අතක බරක් උරට දැනේනම් එහිදී ද විමසිලිමත් වන්න.එය ඔබේ පිට මත දෝලාවක් තබා ගමන් කරන අයෙකුගේ බර වන්නට හැකිය.ඉහතින් සඳහන් කළේ අපට නිහඬතාවය දනවන හැඟීමය.නමුත් අප ඇත්තටම වෙනත් පදනම් සහගත ජාත්‍යන්තරය පිළිගත් නීතියකට අනුව එම තේරීම කළේනම් ඒ කුමක් යටතේ ද යන්න රට දැනුවත් වෙන්න තියෙන අයිතිය පිළිගෙන අඩුම තරමේ එය ඉදිරිපත් කරන්න යන්න අපේ ගෞරවණීය ඉල්ලීමයි.එම සටහනට අපි අවශ්‍යය වන තරමේ ඉඩ මෙහි සකසමු.ගුරුවරු යනු වෘත්තියෙන්ම ඉගැන්වීමේ ගෞරවණීය වගකීම භාරගෙන සිටින අය බැවින්,මේ කාරණයද සමාජයට ඉගැන්වීම වගකීමක් කොට ගනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
සටහන – නිෂ්මං රණසිංහ
