තුන්වෙනි සමාලෝචනයට IMF සූදානම්!

Date:

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සපයා තිබෙන ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදුකෙරෙන තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව IMF හි ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසයි.

පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ IMF නියෝජිතයින් මෙරටදී කළ සාකච්ජාව ඵලදායී බවයි ශ්‍රීනිවාසන් මහතා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇති කැපවීම ශ්‍රී ලංකාවේ නව රජයද තහවුරු කර ඇති බව ඔහු කියාසිටියි.

ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිඵල ලැබෙමින් පවතින බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවදුරටත් පෙන්වා දෙන්නේ.

විස්තීරණ ණය පහසුකමේ සහාය සහිතව ක්‍රියාත්මක කෙරෙන මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සහ මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබද IMF නියෝජිතයින් මෙරටදී මීට පෙර සාකච්ජා කර තිබේ.

ආර්ථික ප්‍රතිසංස්කරණ, අඛණ්ඩව වාරික තුනක දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය, අඩු උද්ධමනය, රාජ්‍ය ආදායම් රැස්කිරීම ඉහළ යාම සහ විදේශීය සංචිත ගොඩනැගීම මගින් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවට සහය සලසා ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...