විශ්ව විද්‍යාල සිසුන් රැගත් බස් රථයක් පෙරළී බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්!

කොළඹ LNW:කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අයත් බස් රථයක් අද උදෑසන බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ දී පෙරළීමෙන් සිදුවූ අනතුරින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර තුන්දෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

මිය ගොස් ඇති අය අතරින් දෙදෙනෙක් විශ්ව විද්‍යාලයේ සිසුවියන් බව සඳහන්.

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර එනම් දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින් පිහිටි මාර්ගයේදීයි එම අනතුරු සිදුව ඇත්තේ.

ක්ෂේත්‍ර චාරිකාව නිරත සිටි සිසුන් ඇතුළු 41 එම බස් රථයේ ගමන්කර කර තිබේ.

තුවාල ලැබූ 06ක් බදුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...