පාස් පොර්ට් ප්‍රශ්නය ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

Date:

කොළඹ LNW: විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම වෙනුවෙන් පවතින පෝලිම් තත්ත්වය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පවතින ජනතා විරෝධය තවදුරටත් පහව ගොස් නැත.

පවතින තත්ත්වය කළමනාකරණය කරගනිමින් එම ගමන් බලපත්‍ර ඇණවුම් මේ වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුව ලබා ගනිමින් සිටින හෙයින් දෙසැම්බර් මස මුල සිට ක්‍රමයෙන් ඒවා නිකුත් කරන ප්‍රමාණය වැඩිකරගත හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විදෙස් ගමන් බලපත්‍ර මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය ලබා දී ඇති විදෙස් ආයතන සමඟ ඇතිකර ගෙන තිබුණු ගිවිසුමට අදාළව හිස් ගමන් බලපත්‍ර 50,000ක් මේ වන විට ලැබී ඇති බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නොවැම්බර් මස අග භාගයේදී තවත් ගමන් බලපත්‍ර 100,000ක් ලැබීමට නියමිත බවත් දෙසැම්බර් මාසයේදී තවත් 150,000ක ගමන් බලපත්‍ර ප්‍රමාණයක් ද වන ලෙස හිස් ගමන් බලපත්‍ර 750,000ක් ප්‍රමාණයක් ලැබීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ තත්ත්වය මත දිනකට 1600ක පමණ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයක් අයදුම්කරුවන් වෙත නිකුත් කරන අතර දෙසැම්බර් මුල සිට මෙම ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය කළ හැකි බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව තවදුරටත් නිවේදනය කරයි.

ඒ මාර්ගගත ක්‍රමය යටතේ විධිමත් පරිදි දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට ද ආගමන විගමන දෙපාර්තමේන්තුව ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් එම ක්‍රමවේදය නුදුරේදීම ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමට නියමිත බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...