මිචෙල් අවසාන තරගයේ තීරකවරිය වීමේ ගෞරවය දිනා ගනියි

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 01,  කොළඹ LNW:

රටක ක්‍රීඩාව දියුණුවට පත්වන්නේ ඒ හා සසැඳි සෑම කේෂ්ත්‍රයක් තුළම ඇති වන ප්‍රගතිය පදනම් කරගෙනයි.මෙවර කාන්තා ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව පරාජය වුව ද,ක්‍රීඩා පිටි කළමණාකරණය කිරීමේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ සේවකයෝ කළ සේවය ලෝකයේ අන් කිසිම රටකින් බලාපොරොත්තු නොවිය හැකි ඉහළම මට්ටමේ සේවයක් බව යළි යළිත් තහවුරු විය.ඒ ආකාරයට මෙවර අවසාන තරගය සළකද්දී තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුගේම නම අවසන් තරගයට ඈදි තිබෙන බව දකින්නට ඇත.ඒ මිචෙල් පෙරෙයිරාගේ සහ නිමාලි පෙරේරා ගේ නම් ය.මිචෙල් එම තරගාය් තීරකවරිය ලෙස නම් කර ඇති අතර එම තරගයට අදාළ සිව්වැනි විනිසුරුවරිය ලෙස නිමාලි නම් කර ඇත.


මේ අතරින් මිචෙල් වැදගත් වන්නේ ඇය මේ විශ්වසනීය තත්ත්වය ගොඩ නඟාගන්නේ 2022 දී ජාත්‍යන්තර තරග තීරකවරියන්ගේ කමිටුවට ඇතුළත්ව තෙවසරක් ගෙවෙන තැනදී වීම නිසාය.රන්ජන් මඩුගල්ලේ මේ ආකාරයට මීට පෙර ලෝක කුසලාන අවසන් මහා තරගයක තීරකවරයා ලෙස අවස්ථා ගණනාවකදීම කටයුතු කර ඇති අතර 2023 අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයේදී වැනේසා ද සිල්වා තරග තීරකවරිය ලෙස කටයුතු කර ඇත.ඒ අනුව බලන කළ මිචෙල් දිනා ගන්නා මේ අවස්ථාව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කෙරෙහි අතිශයින් වැදගත් විශ්වසනීය සහ ගෞරවණීය අවස්ථාවක් ලෙස සැළකිය හැකිය.


කඩුලු රකින්නියක ලෙස කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කර ඇති මිචෙල්,ජාතික සංචිතයට පැමිණියා විනා ජාතික කණ්ඩායම වෙනුවෙන් පිටියට බැසීමට තරම් භාග්‍යවන්තියක නොවුණාය.එහෙත් ක්‍රීඩාව කෙරෙහි ඇති උනන්දුව සහ කැපවීම අත් නොහැර තරග තීරකවරියක ලෙස කැපවීමෙන් කටයුතු කරමින් මේ වන විට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ජාත්‍යන්තරය විශ්වාස කරන සහ ගෞරව කරන චරිතයක් බවට පත් වී තිබීම ක්‍රීඩාව තුළ ආදරයෙන් රැදී සිටීම යනු ක්‍රීඩා කිරීමම පමණක් නොවන බව සනාත කිරීමක්ය.


මෙවර තරගාවලියේ දී මිචෙල් සහ නිමාලි පමණක් නම් වුව ද,වැනේසා ද සිල්වා සහ දේදුණු ද සිල්වා ද අන්තර්ජාතික මට්ටමෙන් පිළිගැනීමක් ඇති තරග තීරකවරියක් සහ විනිසුරුවරියකි.ඒ අතරින් වැනේසා සහ දේදුණු දෙදෙනාම ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවෝ වෙති.වැනේසා ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් අතර ඇය ශ්‍රී ලංකාව ක්‍රීඩා කර ඇති එකම ටෙස්ට් තරගයේ නායිකාව වූවා පමණක් නොව පළමු ටෙස්ට් අර්ධ ශතකය ලැබීමේ හිමිකාරිය ද වන්නීය.දේදුණු කලක් ජාත්‍යන්තර මට්ටමෙන් ඇගයීමට ලක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටි හොඳම පිතිකාරිණිය ලෙස ඇගයීම් ලද්දීය.එහෙත් ක්‍රීඩක භූමිකාවෙන් ඉනික්බිති විනිසුරු කේෂ්ත්‍රෙය්ද කැපී පෙනෙන මේ දෙදෙනා හා සමව ඔවුන් තරම් ක්‍රීඩිකාවන් ලෙස දක්ෂතා නොදැක්වුව ද, මිචෙල් සහ නිමාලි තීරක වෘත්තියේ දී සහ විනිසුරු වෘත්තියේදී කැපී පෙනෙන චරිත බවට පත් වී සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...