නිශ්මං රණසිංහ නොවැම්බර් 01, කොළඹ LNW:
මැලේසියා කාන්තා කණ්ඩායමට එරෙහිව තරග වඳින ශ්‍රී ලංකා කණ්ඩායම ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමය.ශ්‍රී ලංකා ක්‍රිකට් මේ තීරණය නිසා දෙපැත්තෙන්ම ගොඬ යන්නට සමත් වී ඇත.අයිසීසි ය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල ක්‍රිකට්වලට උපකාර දැක්වීමේ ක්‍රියාවලිය තුළ මැලේසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙත ලබා දෙන අවස්ථාව වෙනුවෙන් අයිසීසී ප්‍රශංසාව දිනා ගන්නා අතරේම,ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට අවශ්‍යය කරන දක්ෂයන් පෝෂණය කිරීමට අවශ්‍යය ජාත්‍යන්තර අත්දැකීම එම ක්‍රීඩිකාවන් වෙත පිරිනමා ඇත.
නූතණ ක්‍රිකට් ක්‍රීඩාව රට තුළ එළී ඇති පරිමානය කියවා ගැනීමට හොඳම උදාහරණ සපයන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවය.එහි ජාතික මට්ටමේ ස්වභාවයටත් වඩා කොළඹකරණයෙන් සම්පූර්ණයෙන් මිදුණු ග්‍රාමීය ආක්රමණයේ නොහොත් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්තියේ ප්‍රමාණය දක්වන්නේ අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවය.
මේ ක්‍රීඩක නාමාවලිය දකින විට වැදගත්ම කාරණයක් ලෙස දැකිය හැක්කේ මේ කණ්ඩායමට තේරී පත්ව සිටින ක්‍රීඩිකාවන් ක්‍රීඩා කරන පාසල් බහුතරයක් මිශ්‍ර පාසල් වීමය.වරක් දේවපතිරාජ විද්‍යාලයේ මේ සංචිතයේ ද සිටින ශෂිනි ගිම්හානි අප සමගම පැවසුවේ ඔවුන් බාලක ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීම තමන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට වැදගත් බවය.මේ කණ්ඩායම ගත් විට එහි බාලිකා පාසල්වල සිටින්නේ දෙදෙනෙකු පමණි.නායිකා මනුදි නානායක්කාර සහ අසේනි තලගුනේ ඒ දෙදෙනාය.
පිරිමි ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රියාත්මක ප්‍රධාන පාසල් ඒ හරහා බැදුණු දියුණු සංස්කෘතියක් ඇතුළේ දීර්ඝ කාලයක් එම මෙහෙයුම පවත්වාගෙන යන නිසා රටේ දුර බැහැරට ක්‍රිකට් ක්‍රීඩාව ගමන් කළ ද,තවමත් පැරණි දියුණු සංස්කෘතිය විසින් එය අල්ලගෙන සිටින බවක් දැකිය හැකිය.ඒ නිසාම ඉහළ පාසල් ලෙස නාමකරණය වි ඇති එම පාසල්වලට ගමෙන් පීදෙන ක්‍රීඩකයින් අද්දවා ගැනිමේ අවස්ථාවද ඇති නිසා ගමේ දකින දක්ෂයන්ගේ නවාතැන වන්නේ වැඩි භෞතික සම්පත් ප්‍රමාණයක් ඇති කොළඹ,ගාල්ල සහ මහනුවර කේන්ද්‍ර වන්නට ඇති සුපිරි පාසල් ය.
එහෙත් ඒ අතර රත්ගම දේවපතිරාජ වැනි පාසල් යම් අභියෝගයක් ඇති කරමින් නැඟෙමින් සිටින බව දැකිය හැකිය.අනාගතයේදී සම්පත් බෙදී යාවේ අඩු ලුහුඩුකම් ගමෙන් ඉවත්වීමේ ඉඩ වැඩි වෙමින් තිබෙන අතර ශ්‍රී ලංකා ගමට ක්‍රිකට් වැඩ සටහන යටතේ මෙන්ම තවත් ආකාරයෙන් ක්‍රීඩා පහසුකම් පුළුල් කිරීමේ ක්‍රියාවලිය දීප ව්‍යාප්ත කරමින් සිටීම තුළ අනාගතයේදී කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේදී මෙන්ම පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවේදී රටම පිටියට බසින එකළොස් දෙනාගෙන් දැකිය හැකි තත්ත්වයක් ඇති විය හැකිය.දැනටත් රටේ කණ්ඩායම ලෙස නගර කිහිපයක පාසල් කිහිපයක නිර්මාණ වෙනුවට රටේ විවිධ පැතිවලින් මතුවන නියෝජනයන් ජාතික කණ්ඩායම වීම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ දකින්නට හැකි බව මැලේසියාවට මුහුණ දීම සඳහා නම් කර ඇති කණ්ඩායම දෙස බැලීමේදී පැහැදිළි කර ගැනීමට අපහසු නැත.එ අතරින් දක්ෂයන් වැඩි ප්‍රමාණයක් කැපවීමෙන් මතු කරන පාසල ලෙස රත්ගම දේවපතිරාජය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ ඇති කරන නව්‍යමය තත්ත්වයද දැක ගැනීමට හැකිය.
මනුදි නානායක්කාර (නායිකාව – වේල්ස් කුමරි විදුහල, මොරටුව)
සංජනා කාවින්දි -(දේවපතිරාජ විද්‍යාලය, රත්ගම)
විමෝක්ෂා බාලසූරිය (සිංහල මහ විද්‍යාලය, ත්‍රිකුණාමලය)
හිරුණි හංසිකා -(දේවපතිරාජ විද්‍යාලය, රත්ගම)
නෙතංගි ඉසුරාංජලී (දේවපතිරාජ විද්‍යාලය, රත්ගම)
රශ්මිකා සෙව්වන්දි -(අනුර විද්‍යාලය, මාතර)
ශෂිනි ගිම්හානි -(දේවපතිරාජ විද්‍යාලය, රත්ගම)
අසේනි තලගුණේ -(මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර)
ප්‍රමුදි මෙත්සරා (උහන ජාතික විද්‍යාලය, අම්පාර)
දනෝද්‍යා සෙව්මිණි -(ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය)
චමුදි ප්‍රබෝධා (-පඤ්ඤානන්ද ජාතික පාසල – මොනරාගල)
ලිමංසා තිලකරත්න (ඉගෙනුම ලබන්නේ ඔස්ට්‍රේලියාවේය)
රශ්මි නේත්‍රාංජලී (දේවපතිරාජ විද්‍යාලය, රත්ගම)
රිස්මි සංජනා (අනුර විද්‍යාලය, මාතර)
මිතාලි අයෝධ්‍යා – (රජඇල මහා විද්‍යාලය, කන්තලේ)
