රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW :
ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සමගාමීව IOC සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කර ඇත.
රුපියල් 299ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 294.00ක් වේ.
313ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල ද රු.5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 318.00ක් ලෙස දැක්වේ.
රුපියල් 335ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලත්, රුපියල් 277ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිලත්, රුපියල් 180ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිලත් සංශෝධනය වී නොමැති බව දැක්වේ.
