සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ සැකකරුවන් 05ක් තියුණු ආයුධ සමග අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 01,කොලඹ LNW :

පොලිස් විශේෂ කාර්ය බලකාය හා කළුතර අපරාධ කොට්ඨාශය මගින් ක්‍රියාත්මක කළ මෙහෙයුමක් අතරතුර, කළුතර ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු තියුණු ආයුධත් සමගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

එහිදී මෝටර් රථවලින් ගොස් පුද්ගලයින්ට පහරදීම් සිදුකරන මෙම කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

ඔවුන් පසුගියදා දකුණ කළුතර දූවපන්සල පාරේ නිවසකට ඇතුලු වී දේපළවලට හානි සිදුකර නිවැසියන් බිය ගන්වා පහරදී තිබෙන අතර, මත්ද්‍රව්‍ය ගණුදෙනුවක් සම්බන්ධයෙන් පහරදීම සිදුකර ඇති බවට වාර්තා වේ.

ඒ පිළිබඳ විමර්ශන සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකාය දූවපන්සල ප්‍රදේශයේ දී සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් ඔස්සේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී මෝටර් රථයක් යොදා ගනිමිනුයි සැකකරුවන් අදාළ ස්ථානයට ගමන්කර තිබෙන බව පැවසේ.

මේ අතර මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඕනෑම තොරතුරක් 1818 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම්දීමේ හැකියාව පවතින බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...