හෝකින්ස් වැසියන්ගේ අවසානය අතළඟ! වෙක්නා ගේ අභිලාෂය ලෝක විනාශය ද? – Stranger Things අවසන් දිගහැරුම නොවැම්බර් අග!

Date:

ඉසුරු පරාක්‍රම

නොවැම්බර් 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හෝකින්ස් හි ජීවත්වන වැසියන්ට තවදුරටත් කිසිවක් සාමාන්‍ය නොවනු ඇත. උඩුයටිකුරු ලොවේ ආක්‍රමණිකයා වෙක්නා එකිනෙකින් වෙන්ව පවතින පෘථිවිය සහ උඩුයටිකුරු ලොව එකක් බවට පත්කිරීමේ මෙහෙයුම ආරම්භකර අවසන් ය. කිසිවකුටත් කිසිවක් තවදුරටත් සාමාන්‍ය අත්දැකීමක් නොවනු ඇත.

ඔව්.. එසේ දිගහැරෙන්නේ ලොව බාලමහළු කා අතරත් එක සේ ආදරයට පාත්‍ර වූ නෙට්ෆ්ලික්ස් නාලිකාවේ විකාශයවන ස්ට්‍රේන්ජර් තිංග්ස් (Stranger Things) කතා මාලාවේ අවසාන පරිච්ඡේදයයි. 

විල්, මයික්, ඩස්ටින්, ලූකස්, එල්, මැක්ස්, ස්ටීව්, ජොනතන්, නැන්සි, රොබින්, එරිකා, ජොයිස්, සහ හොපර් එක මිටට වෙක්නාට එරෙහි යුද්ධයේ පෙරමුණ ගෙන සිටිති. 

ඔක්තෝබර් 30 වන දින ස්ට්‍රේන්ජර් තිංග්ස් පස්වන පරිච්ඡේදය හෙවත් සමස්ත කතාමාලාවේ අවසාන පරිච්ඡේදයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට මුදාහැර තිබිණි. එය අන්තර්ජාලයට මුදාහැර පැය 24ක් ගතවන්නටත් මත්තෙන් යූටියුබ් සමාජ ජාලයේ පරිශීලක නැරඹුම්වාර මිලියන 10 ක් අභිබවා නරඹා තිබිණි.

ලොව දස අත ස්ට්‍රේන්ජර් තිංග්ස් රසිකයන්ට උද්යෝගය, සතුට මෙන්ම නෙතට කඳුලක් ද එක්කරන අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි ය. මන්ද 2016 වර්ෂයේ මුල්ම වරට කුඩා දරුවන් කැලක් ද සමඟ ළමා කතාමාලාවක ස්වරූපය ගනිමින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ස්ට්‍රේන්ජර් තිංග්ස්, අද වන විට එම දරු කැළ වැඩිහිටියන් බවට පත් වී අවසාන පරිච්ඡේදය සනිටුහන් කිරීමට නියමිත ය. 

80 දශකයේ විලාසිතාවන්, තාක්ෂණයන්, රශාස්වාදයන්, සමාජ හැසිරීම් සහ සබඳතා, දේශපාලනය සහ භූදේශපාලනික ඝට්ටනයන් ප්‍රතිනිර්මාණය කරමින්, බාලමහළු කා අතරත් එක හා සමානව ජනප්‍රියත්වයට පාත්‍ර වූ ස්ට්‍රේන්ජර් තිංග්ස්, 1983 වර්ෂයෙන් ආරම්භ වී 1987 වර්ෂයෙන් සමස්ත කතාමාලාවම අවසන් කිරීමට සැරසෙන මේ මොහොතේ, එහි පැමිණෙන විවිධ චරිතවල ඉරණම පුරෝකථනයට ලක්වෙනමින් දිගින් දිගටම දැවැන්ත ප්‍රේක්ෂක සංවාදයකට බඳුන් වී තිබේ. 

ස්ට්‍රේන්ජර් තිංග්ස් හි නිර්මාතෘ ඩෆර් සොයුරන් ය. එහි අවසන් පරිච්ඡේදය පිළිබඳ අදහස් දක්වමින් මැට් ඩෆර් පවසා සිටියේ, හෝකින්ස් හි ජීවත්වන වැසියන් කිසිවකුත් තවදුරටත් සාමාන්‍ය ජීවිතයක් අත් නොවිඳින බවත්, හෝකින්ස් නගරයේ සිදුවන කිසිවක් තවදුරටත් සාමාන්‍ය නොවන බවත් ය. 

මෙය හෝකින්ස් නගරයේ පමණක් නොව, සමස්ත ලෝකයේ ම අවසානය සනිටුහන් කරන්නේ ද? 

ස්ට්‍රේන්ජර් තිංග්ස් අවසන් පරිච්ඡේදයේ පළමු වෙළුම නොවැම්බර් 26 වන දින දිගහැරෙන අතර, දෙවන වෙළුම නත්තල් දින (දෙසැම්බර් 25) දිගහැරෙනු ඇත. එහෙන්ම, සමස්ත කතාමාලාවේ ම අවසානය සනිටුහන් කරන අවසන් එපිසෝඩය අලුත් අවුරුදු දින උදාවීමට නියමිත දෙසැම්බර් 31 වන දින සන්ද්‍යාවේ විකාශය වීමට නියමිත ය.

ස්ට්‍රේන්ජර් තිංග්ස් අවසන් පරිච්ඡේදයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න:

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

A/L උපකාරක පංති ගැන දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : උසස්පෙළ විභාගය...

සුඩානයේ සිට ශ්‍රී ලංකාවට: පවුලක නව ආරම්භයක් සඳහා වූ ගමනක්

සුඩානයේ සිට ශ්‍රී ලංකාවට: පවුලක නව ආරම්භයක් සඳහා වූ ගමනක්