ටැන්සානියාවට ඇඳිරි නීතිය: අන්තර්ජාල සබඳතාද අවහිර කරයි.

Date:

රෂිකා හෙන්නායක 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):


දින 3ක් පුරා ටැන්සානියාවේ පැවැත්වෙන මැතිවරණ විරෝධතා හේතුවෙන් ජීවිතක්‍ෂයට පත්වූ පිරිස තවත් ඉහළ යා හැකි බව එරට ප්‍රධාන විරුද්ධ පක්ෂය පවසයි.

එම පක්ෂය පවසන්නේ විරෝධතා හමුවේ මේ වන විට ජීවිතක්‍ෂයට පත්ව ඇති පිරිස 700කට අධික බවයි.

පවතින විරෝධතා පාලනය කිරීම සඳහා ටැන්සානියාවට ඇඳිරි නීතියද පනවා ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට ටැන්සානියාවේ අන්තර්ජාල සබඳතාද අවහිර කර ඇති බවයි .

පසුගිය ඔක්තෝබර් 29වනදා පැවති එරට ජනාධිපතිවරණයේ අක්‍රමිකතා සිදු වූ බවට චෝදනා කරමින් මෙම විරෝධතා පැවැත්වෙන බව වාර්තා වේ.

පාලක රජය විසින් ප්‍රධාන විපක්ෂ නායකයින් මර්දනය කර ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ කරන බවටයි විරෝධතාකරුවන් චෝදනා කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...