සටහන – පුලී
නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත් විවිධ චරිතවලට හැඩවෙද්දී, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් නම් තෝරාගෙන තිබුණේ තරමක් වෙනස්ම ක්රමයක්.
ෆ්ලොරිඩාවේ පිහිටි සිය මාර්-අ-ලාගෝ (Mar-a-Lago) නිවසේ පැවති වාර්ෂික හැලොවීන් සාදයට සුපුරුදු තද නිල් පැහැති කෝට් එකත්, රතු ටයි පටියත් පැළඳගෙන පැමිණි ට්රම්ප්ගෙන් මාධ්යවේදීන් ඔහුගේ හැලොවීන් ඇඳුම ගැන විමසා තිබුණා.
එහිදී සිනහවක් උපදවන පිළිතුරක් ලබාදුන් ට්රම්ප් කියා සිටියේ තමන් මෙවර හැලොවීන් සඳහා පැමිණියේ ‘ඩොනල්ඩ් ට්රම්ප්’ ලෙසින්ම බවයි.
“මට වෙනත් ඇඳුමක් සූදානම් කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒ නිසා මම ආවේ ඩොනල්ඩ් ට්රම්ප් විදිහටයි” යනුවෙන් ඔහු ප්රකාශ කළා.
තවත් අපූරු කතාවක් එක් කරමින් ඔහු කියා සිටියේ ඇතැම් ධනවත් පුද්ගලයන් හැලොවීන් ඇඳුමක් සූදානම් කරගැනීමට පැය නවයක් පමණ ගත කරන අතර, තමන්ට ඒ සඳහා තිබුණේ විනාඩි දහයක් පමණක් බවයි.
කොහොම වුණත්, හැලොවීන් දවසේ වෙනත් චරිතයකට හැඩවෙන්න කාලය වැය නොකර, තමන්ගේම චරිතයෙන් සාදයට පැමිණි ට්රම්ප්ගේ මේ තීරණය නම් කාගේත් අවධානය දිනාගත් අපූරු සිදුවීමක් වුණා!



