ඇමති සනත් නිශාන්තගේ ජීප් රථයේ හැපුණු පුද්ගලයා මරුට !

Date:

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ජීප් රථයේ ගැටී බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා මරුමුවට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ 45 හැවිරිදි දෙදරු පියෙකි.

පසුගිය ඔක්තෝබර් 15 වනදා පුත්තලම නගරයේදී පාපැදියකින් ගමන් කරමින් සිටියදී ඔහු සනත් නිශාන්ත මහතාගේ ජීප් රථයේ ගැටී තිබිණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබුණු අතර ඔහුගේ තත්වය බරපතළ හෙයින් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබිණි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ද ජීප් රථයෙහි සිට ඇති අතර රිය පැදවූ පුද්ගලයාව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...