*
Thursday, December 12, 2024
spot_img

Latest Posts

විරේන් හැත්තෑ හතරට

විරේන් නෙත්තසිංහ ජාත්‍යන්තර බැඩිමින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 74 වන ස්ථානයට පැමිණ තිබේ.මේ මොහොතේ ලෝක ශ්‍රේණිගත කිරීමවල ඉදිරියෙන්ම සිටින විරෙන්ට එළැඹෙන වසරේදී ඔලිම්පික් තරග සඳහා සුදුසුකම් ලැබීමට ඉඩක් සමීපව පෙනෙන්නට තිබෙන බැවින් ඉදිරයේදී ජයග්‍රහණයන් වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට ඉඩ ඇති සහ වැඩි ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් දිනා ගත හැකි තරග සඳහා විරෙන්ව සහභාගි කිරීම වැදගත්ය.

ශ්‍රී ලංකා බැඩිමින්ටන් ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර මට්ටමෙන් දක්වන ලද ඉහළම ප්‍රගතිය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්ව 34 වන ස්ථානයට පැමිණීමය.එම හැකියාව පෙන්නුම් කළ ඔලිම්පික් තරගාවලි 3 ක් නියෝජනය කර තිබෙන නිලූක කරුණාරත්න ඉන් එක උළෙලක දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ධජය රැඟෙන යාමේ වගකීම දැරීමේ නායකත්වයට ද පත් විය.එමෙන්ම,එවකට ලොව අංක 8 ට ශ්‍රේණිගතව සිටි ජපානයේ කෙනචි ටාගෝ පරාජය කරමින් 2012 ලන්ඩන් ඔලිමිපික් උළෙලේ තරගයක් ජය ගැනීම ජාත්‍යන්තර පිටියේ අදටත්, ශ්‍රී ලාංකේකයෙක් ලැබූ ඉහළම ජය ලෙස සඳහන් වෙයි.එසේම 38 වන වියේදී ඔහු බැඩ්මින්ටව් ක්‍රීඩක දිවියට සමුදෙන විට ජාත්‍යන්තර තරගාවලි 10 ක ජය තරගාවලි පහක අනු සූරතා ද එක් කරගෙන තිබිණ.

ඒ ඉතිහාසයට සාපේක්ෂව ජීවිතයේ දශක දෙකක් ගෙවා එහි මුල සිටින විරේන්ගේ මේ ශ්‍රේණිගත කිරීමේ පිම්ම ඉතා හොඳ ප්‍රවේශයක් ලෙස හැඳින්වීම අසාධාරණ නැත.2023 වසර ආරම්භයේදී 154 වන තැන සිටි විරේන් ඔක්තෝම්බර් මස 31 වන දින නවතම ශ්‍රේණිගත කිරීම් කරන විට 74 වන තැන දක්වා ඉදිරියට පැමිණ තිබීම විශාල ප්‍රගතියකි.ඒ ආකාරයට විරෙන්ට ඉදිරියට පැමිණීමට හැකි වූයේ ඔහුට එක දිගට ජාත්‍යන්තර පිටියේ ලැබුණ අවස්ථාවන්සහ ඔහු එම අවස්ථාවන් ප්‍රයෝජනයට ගනිමින් ලැබූ ජයග්‍රහණය.

ජාත්‍යන්තර පිටියේ දි ලැබුණු එම අවස්ථාවන් සඳහා පරිසරය සකස් කර දීමට ශ්‍රී ලංකා බැඩිමින්ටන් දරන ලද උත්සාහය ඉදිරියටත් අඛණ්ඩව පවත්වා ගෙන යන්නට කටයුතු කළහොත් විරෙන්ට දැනට සිටින ශ්‍රේණිගත කිරීමේ තත්ත්වය ඉදරියට ගෙන එමින් පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනයට අවස්ථාව උදා කර ගැනීමට හැකියාව ඇත.එසේ වුවහොත් 2012,2016 සහ 2020 ලෙස ඉතිහාසයේ සටහන් වන ඔලිම්පික් තරග ත්‍රිත්වයට පසුව අඛණ්ඩව සිව්වන වරටත් ශ්‍රී ලංකාවට බැඩිමින්ටන් ක්‍රීඩාවෙන් ඔලිමිපික් නියෝජනයකට අවස්ථාව හිමිවෙනු ඇත.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම මෙන්ම රටකට නියෝජනය සඳහා ලැබෙන සීමිත ඉඩ ද සළකා බලද්දී ඔලිම්පික් උළෙලේ මූලික වටය නියෝජනයට විරේන්ට විශාල ඉඩකඩක් ඇති බව පැහැදිළිය.ඒ නිසා අඛණ්ඩව ප්‍රවේශම් සහගතව ආබාධවලින් තොරව ජාත්‍යන්තර තරග පිටියේ රැදී සිටීම සඳහා ඔහුට ඔහු කෙරෙහි පෞද්ගලික අවධානයක් තබා ගැනීම මෙන්ම බැඩිමින්ටන් පරිපාලනය ඔහු කෙරෙහි වගකීම් සහගතව අවධානයෙන් සිටීමද වැදගත්ය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan