බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහන යළි අද සිට!

Date:

කොළඹ LNW: බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහන අද (01) සිට ලබන 14 වනදා දක්වා සති දෙකක නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව පොලීසිය පවසන්නේ වැල්ලවත්ත සැවෝයි සිනමාහල අසළ සිට ගාලුපාර පිටකොටුව දක්වා ක්‍රියාත්මක වන බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහනේදී ඇතුලුවීම පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා ක්‍රියාත්මක බවයි.

එමෙන්ම මරදාන පාර බොරැල්ල හන්දියේ සිට පිටකොටුව ඕල්කට් මාවත දක්වාත් බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහන ක්‍රියාත්මකයි.

එහිදී ඇතුළු වීම 6 සිට 9 දක්වාද පිටවීම පස්වරු 4 සිට 7 දක්වාද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ලංගම හා පෞද්ගලික බස් රථ,පාසල් වෑන් රථ හා බස් රථ කාර්ය මණ්ඩල ප්‍රවාහන බස්රථ හා වෑන් රථ පමණක් මෙම මංතීරුවේ ධාවනය කළ හැකියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ වාන් දමන ජලාශ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:යළි වර්ෂාව ඇද හැලීමත්...